කමෝන් ලිමන්සා

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 01, (LNW) කොළඹ :

සිය පියා ජාතික පිළ නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු නිසා,අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට තේරිම ගැන අපවාද කතා ඇසූ ලිමන්සා තිලකරත්න ඔස්ටේල්‍රියාසෙංචාරය කරන අවුරුදු 19 න් පහළ කණ්ඩායම වෙනුවෙන් පිටියට බසින්නට ලද පළමු අවස්ථාවේම තුන් ඉරියව් දස්කම් පෙන්වමින් හ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැඟෙන යන්නට විශාල දායකත්වයක් ලබා දුන්නාය.


ඩිල්ෂාන් ක්‍රීඩකයෙකු ලෙස ඉහළ දස්කම් පෙන්වුව ද,ඔහුගේ සමාජ භාවිතාවන් තුළ දී මෙන්ම,ක්‍රිකට් සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශවලදී ද,මිනිසුන් වෙතින් පැහැදීමක් ඇති නොවනාකාරයේ හැසිරීම් සහිත අයෙකු බව පෙනෙන නිසා,ලිමන්සා ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තුළ සිය වයස් කාණ්ඩයේදි දක්වා තිබුණ දක්ෂතා කෙරෙහි බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු නොවිණි.බොහෝ විට මේ සමාජමය බලපෑම නිසා ලිමන්සා ක්‍රීඩා කිරීමට කැඳවුවහොත් ඇයගේ අනාගතයට මෙන්ම අනාගතය භාර දක්ෂයන්ට ද ගැටළුවක් ඇති විය හැකි නිසා ඇයට මේ තරග සංචාරයේ මේ දක්වාම තරග නොලැබෙන්නට ඇති බව ද සිතිය හැකිය.කෙසේ වුව ද ඇය සිය දඟ කැවිමත් සමඟ පන්දුව කිසිඳු බියකින් තොරව ගුවනට මුසුු කරන්නට දක්වන හැකියාව ප්‍රවේශමෙන් සහ බුද්ධිමත්ව මෙහෙයවීම වැදගත්ය.


එහෙත් ඇයට අවස්ථාව ලැබුණු පළමු මොහොත ලැබුණේ ඉණිම ආරම්භ කිරීමේ අභියෝගයද උර මත තබමින්ය.එහිදී ඇය ලකුණු 14 ක් රැස් කළාය.කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ සුමුදු නිසංසලා ය ඇය ලකුණු 24 ක් රැස් කළ අතර විමෝක්ෂා බාලසූරිය ලකුණු 29 ක් ලැබුවාය.තරගාවලිය පුරාම ශ්‍රී ලංකාවේ සාර්ථකම ක්‍රීඩිකාව ලෙස පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද කැපී පෙනෙන රශ්මිකා සෙව්වන්දි ලකුණු 29 ක් යළිත් රැස් කරන්නට සමත් විය.චමෝදි ප්‍රබෝධා රශ්මිකා සමග ඔස්ට්‍රේලියාවට එරෙහිව පිත්තෙන් පෑ වගකිම් සහගත හැසිරීම යළිත් ප්‍රදර්ශනය කරමින් නොදැවි ලකුණු 12 රැස් කරන්නට සමත් වූවාය.
ලකුණු 154 ට දැවී ගිය ශ්‍රී ලංකාවට එම ලකුණු ප්‍රමාණය රැක ගැනීම අසීරු ලෙස මතුපිටින් පෙණුනද,චමෝදි සහ ලිමන්සා සිය දඟ පන්දු යැවිමෙන් නවසීලන්ත කණ්ඩායම නැත්තටම නැති කරන්නට සමත් විය.චමෝදි ලකුණු 24 ට කඩුලු 4 ක් දවා ගත්තාය.ලිමන්සා ලකුණු 31 දෙමින් කඩුලු 3 ක් දවා ගත්තාය.අවසානයේ නවසීලන්ත ඉණිම ශ්‍රී ලංකා ඉණිමට වඩා ලකුණු 55 ක් පසුපසින් ලකුණු 104 ට දැවී ගියේය.තරගයේ සමස්ත ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකි අතර තවමත් මේ තුන්කොන් තරගයකදී ඔස්ට්‍රේලියාව පරාජය කරන්නට නවසීලන්තයට සහ ශ්‍රී ලංකාවට හැකි වූයේ නැත.ඊයේ පැවති තරගයෙන් ද ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව පරදා කඩුලු 8 ක ජයක් ලැබුවාය.
ලකුණු පූවරුව – https://bit.ly/3ZLi0nj

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...