සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය බෙදූ “කිරිබබා” මොණරාගලදී අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW :

මොණරාගල සහ බුත්තල ප්‍රදේශවලට හෙරොයින් මත්ද්‍රව්‍ය බේදා දුන් මහා පරිමාණයේ ජාවාරමක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ , මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ගෝනගංආර ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී බව සඳහන් වේ.

සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ, කිරිබබා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු ඉතාමත්ම සූක්ෂම ලෙස කලිසම් වාටිය තුල සගවා හෙරොයින් විවිධ ස්ථාන වලට ප්‍රවාහනය කර ඇති බවයි .

සැකකරු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් නවයයි මිලිග්රැම් විසිපහක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙන අතර, මොහු ගෝනගංආර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිහයක පුද්ගලයෙකු වේ.

සැකකරු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...