පිලිපීනයේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 69 දක්වා ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(30)රාත්‍රියේ මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9 ක භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයන් 69 දෙනෙකු මිය ගොස් 140 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

විසායාස් කලාපයේ සෙබු පළාතේ බෝගෝ නගරයේ සිට සැතපුම් 12 ක් ඊසාන දෙසෙන් සිදුවූ මෙම ප්‍රධාන භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන රැසක් ද වාර්තා වී ඇති අතර පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය (ෆිවොල්ක්ස්) ලෙයිට්, බිලිරාන් සහ සෙබු පළාතේ ප්‍රදේශ සඳහා සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත්කර තිබිණි.

පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කර ඇති අතර, ගිනි නිවන ආරක්ෂක කාර්යාංශය සහ පිලිපීන ජාතික පොලිසිය ගලවා ගැනීමේ සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වන බවත්, බලපෑමට ලක් වූ ප්‍රදේශවලට විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට බලශක්ති දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් නිවේදනය කර ඇත.

පිලිපීනය පැසිෆික් ගිනි වළල්ලේ පිහිටා ඇති අතර එය නිරන්තරයෙන් භූ කම්පන හා ස්වාභාවික විපත් වලට මුහුණ දේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...