ගල්අඟුරු සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

Date:

ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති තනතුරින් ජගත් පෙරේරා මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ජගත් පෙරේරා මහතා ඇමතිවරයා වෙත දන්වා තිබෙන්නේ නීත්‍යනුකූල හා විනිවිදභාවයකින් යුක්තව ගල්අඟුරු ගෙන්වීමේ ටෙන්ඩරය ලබාදුන් නමුත් ඒ සම්බන්ධයෙන් බාහිර පාර්ශ්වවලින් දිගින් දිගටම විවේචන හා බලපෑම් එල්ල වූ බවයි. එනිසා තවදුරටත් සභාපති තනතුරේ කටයුතු කළ නොහැකි බැවින් ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඔහු දැනුම් දී තිබෙනවා.

ගල්අඟුරු ගෙන්වීමේ කටයුතු කඩාකප්පල් කිරීමටද ඇතැම් පාර්ශ්ව උත්සාහ දරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමට ඇමතිවරයා විසින් පිළිගෙන ඇති අතර මේ දක්වා නව සභාපතිවරයෙක් පත්කර නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...