වගා හානි සඳහා වන්දි ගෙවනවා – කෘෂිකර්ම අමාත්‍ය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නියඟයෙන් මෙන්ම අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සඳහා ගොවි ජනතාවට උපරිම වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටී.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, නියඟයෙන් මෙන්ම අධික වර්ෂාව හේතුවෙන් ද වී වගා කළ කුඹුරු විශාල ප්‍රමාණයක් හානියට පත්ව ඇති බවත් , නියඟය හේතුවෙන් සිදුවූ වගාහානි තක්සේරු කිරීම් අවසන් කිරීමට ආසන්නව තිබියදී වර්ෂාව හා ගංවතුර හේතුවෙන් සිදු වූ වගා හානි තක්සේරු කිරීමට සිදුව ඇති බවයි.

අධික වර්ෂාව හේතුවෙන් හානියට පත් තංගල්ල ප්‍රදේශයේ වී වගාවන් නිරීක්ෂණය කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අපේක්ෂා නොකළ කාලගුණ විපර්යාස හේතුවෙන් මෙලෙස වගා භූමි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල වර්ෂාව ලැබෙන බවට කාලගුණ අංශ අනාවැකි පළ කර තිබුණ ද සැප්තැම්බර් මාසය පුරාවටම වර්ෂාව ලැබුණු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...