ගුරුවරියකට එහා ගිය භූමිකාවක නියැලුණු “කනොක්වාන්” තායි ගුරුවරිය!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 02 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
ඊයේ(ඔක්තෝම්බර් 01) ලෝක ළමා දිනයම කම්පා කරමින් තායිලන්තයේ සිදු වූ ඒ බිහිසුණු අනතුර ඔබට මතකයේ තවමත් ඇතැයි විශ්වාස කරමු!

පාසල් චාරිකාවක් අතරතුර බසය තුළ සිදු වූ හදිසි ගිනි ගැනීමේ තත්ත්වයක් හමුවේ එහි සිටි කිරි සප්පයන්ට නොසිතූ ගමන් යන්න වීම සිත් කම්පා කරවන ඛේදවාචකයකි.

එහි දී මියගිය අයවලුන් අතර සිසුන් 25 දෙනෙකු සහ ගුරුවරුන් තිදෙනෙක් සොයා ගන්නා ලදී.

එහි සිටි එක් ගුරුවරියක් තම සිසුවකුගේ සිරුර වසාගෙන සිටියදී බස් රථය ගිනිගෙන පුපුරා ගොස් තිබේ.

ගලවා ගත් අය පවසන පරිදි, ඇය කනොක්වාන් ශ්‍රිපොං නම් ගුරුවරිය වූ අතර, ඇය තම සිසුවා ආවරණය කිරීම සඳහා දරුවා දෑතින් අල්ලාගෙන සිටින අවස්ථාවේදී , බස් රථය ගිනිගෙන පුපුරා ගොස් තිබේ. නමුත් එහි සිටි අයවලුන් ඇයව සොයා ගන්නා විට ඔවුන් දෙදෙනාම ගින්නෙන් මිය ගොස් සිටියහ.

කනොක්වාන් ගුරුවරිය පසුගිය සැප්තැම්බරයේ ඇයගේ සිය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූවා පමණි.

ඇයගේ මෙම පරිත්‍යාගය සහ ඇගේම දරුවෙකු ලෙස තම සිසුන් කෙරෙහි ඇති ආදරය ලොව පුරා සිටින බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. සිප්සත කියා දෙනවා පමණක් නොව ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ද මෙවන් කැපකිරීම් කරන ගුරුවරියන් සුපිරි වීරවරියන් ලෙස නම් දැරිය යුතුමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ ගුවන් ගමන් අත්හිටුවීමෙන් සිය ගණනක් විදේශීය සංචාරකයින් සොකෝත්‍රා දූපතේ අතරමං වෙලා..

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෞදි-එක්සත් අරාබි...

රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු...

තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ...

ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS)

කොළඹ LNW: සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට...