අලුත් ලයිසන්වලින් විවෘත කළ බාර් වැහුවේ නෑ. විවෘත නොකළ ලයිසන් තාවකාලිකව අත්හිටෙව්වා – විජිත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය රජය සමයේ මැතිවරණය ඉලක්ක කරගෙනම විශාල වශයෙන් නිකුත් කළ මත්පැන් බලපත්‍රවලින් මෙතෙක් මත්පැන් අලෙවිසැල් විවෘත නොකළ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට රජය කටයුතු කළ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

“පහුගිය ආණ්ඩුව මැතිවරණය ඉලක්ක කරගෙනම විශාල වශයෙන් බාර් පර්මිට් නිකුත් කරලා තිබුණා. බාර් පර්මිට් නිකුත් කරලා, ඒවා පවත්වාගෙන යන ඒවා අපි නතර කරලා නෑ. නමුත් ඒ ලයිසන් අනුව අලුතින් බාර් විවෘත නොකරපු ඒවා තාවකාලිකව අපි නතර කළා. තාවකාලිකව නතර කරන්න හේතුව තමයි ඒ පිළිබඳව අදාළ ප්‍රදේශවල මහජනතාවගෙන් විරෝධතා එල්ල වෙන්න පටන් ගත්තා. ඒ විරෝධතා නිසා ඒවා පිළිබඳව නැවත සමාලෝචනයක් කළ යුතුව තියෙනවා. නීත්‍යානුකූලව ඒ කටයුතුවලට මැදිහත් විය යුතුව තියෙනවා. ඒ අනුව තමයි මෙතෙක් විවෘත නොකර තියන ලද එහෙත් ඒ ලයිසන්වල යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙන ඒවා අපි තාවකාලිකව අත්හිටුවලා තියෙන්නෙ නීත්‍යානුකූලව”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...