අධ්‍යාපන ක්‍රමයේ පැහැදිලි වෙනසක් රටට අවශ්‍යයයි – සජිත් ප්‍රේමදාස

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර ළමා දිනය සමරද්දී මෙරට දරු දැරියන් දස ලක්ෂ ගණනක් කුසගින්නේ පසුවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“ජාත්‍යන්තර ළමා දිනය, ජාත්‍යන්තර වැඩිහිටි දිනය ගැන අද කතා කරනකොට අද කොපමණ දස ලක්ෂ ගණනින් අපේ දරුවන් ඉන්නවද බඩගින්නෙන් පෙළෙමින්. අද දස ලක්ෂ ගණනින් වැඩිහිටියන් අසීමිත පීඩනයකින් ජීවත් වෙනවා. එතකොට අවබෝධ කරගන්න මේ රටට විසඳුම් සැපයීමේ වගකීම තිබෙන්නේ බලය ලැබුණු, ජයග්‍රහණය කරපු කණ්ඩායමට පමණක් නෙවෙයි. අපටත් තියෙනවා වගකීමක්. අපටත් තියෙනවා යුතුකමක්. මේ රටේ ජනතාව මුහුණ දෙන ගැටලුවට උත්තර සපයන කණ්ඩායම බවට අපි පත්විය යුතුයි. ඔව්, මැතිවරණයෙන් පසුබෑමකට ලක්වුණා, ඒ නිසා වගකීම භාරදෙමු අපි ජයග්‍රහණය කරපු කොට්ඨාසයට කියලා එහෙම ආකාරයට බංකොලොත් රටක අපට හිතන්නට බැහැ. අපි ඔක්කොම අත්වැල් බැඳගෙන ගොඩ එන්නට ඕනෙ. අපි විශ්වාස කරනවා මේ රට ගොඩගන්න වැඩසටහනේ පුරෝගාමී වැඩපිළිවෙලක්, වගකීමක් අප වෙත පැවරිලා තිබෙනවා. මෙවර මහමැතිවරණයට අපි ඉදිරිපත් වෙන්නේ මේ රටේ ප්‍රශ්න විසඳන දැවැන්තම මහජන බලවේගය හැටියට. දැන් බොහෝ දේවල් අපට ඇහෙනවා, කරනවායි කියපු දේවල් ක්‍රියාත්මක කරන්නට බැරි තැනක ඉන්නෙ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතළ අඩුපාඩුකම් තිබෙනවා. විභාග තියන්න බෑ, ප්‍රශ්න පත්‍ර ලීක්වෙනවා. මේක අද ඊයෙ දෙයක් නෙවෙයි. අපේ දරු පරපුර අනාථ වෙනවා. එදා මෙන්ම අදත් අපි විශ්වාස කරනවා අධ්‍යාපනයේ පැහැදිලි වෙනසක් අවශ්‍යයයි”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (01) මහගරම ප්‍රදේශයේ පැවති සජබ පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෙවනගලත් පැල්වත්තත් ප්‍රශ්න රැසක. රජයට අබමල් රේණුවක හැඟීමක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සෙවනගල සිනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් 1ක්...

කණ්ඩලමේ හැඩකාරයාත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ''කණ්ඩලමේ හැඩකාරයා'' නමින් හැඳින්වුණු වන අලියා...

මන්නාරමේ සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය...

හංවැල්ලේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 13)...