ජනපති අනුර හමු වූ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ (LNW):

අද (02) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරි ස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී සිදුවුණි.

මෙහිදී පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ උණුසුම් සුබපැතුම් පිරිනැමූ එරට මහකොමසාරිස්වරයා,ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් කැපවී සිටින බව ද ප්‍රකාශ කළ බව පැවසේ.

සමුද්‍රීය ආරක්ෂාව, දේශසීමා පාලනය සහ ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් ඇතුළු ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු රජයේඅඛණ්ඩ සහාය ලබාදෙන බවට මහකොමසාරිස්වරයා මෙම හමුවේදී සහතික වූ බව පැවසේ,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇතිවැඩසටහනටද ඕස්ට්‍රේලියාවේ සහාය හිමිවන බවත්,ශ්‍රී ලංකාව තුළ සෘජු විදේශ ආයෝජන (FDIs) ප්‍රවර්ධනය කිරීමට ඕස්ට්‍රේලියාව උනන්දුවෙන් පසුවන බවත් මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කර ඇත.

තවද, ආයෝජකයින්ගේ විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක අංගයක් ලෙස ආර්ථිකයේ විනිවිදභාවය පවත්වා ගැනීමේ වැදගත්කම ද ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් සිටීවන්සන් මහතා මෙහිදී පෙන්වා දුන් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...