*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිත ආයතන 02ක් වටලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ (LNW):

නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිත ආයතන 02ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම් කර ඒවායේ හිමිකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වේ. එම ආයතන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය බවද පැවසේ,

බෙන්තොට, අංගාගොඩ ප්‍රදේශයේ Premium Work Force Recruitment International Ltd නමින් වංචනික ආයතනයක් පවත්වාගෙන යමින් රුමේනියා ඇතුළු විවිධ රටවල රැකියා ලබාදීම සඳහා බඳවා ගැනීම් සිදුකරන බවට විමර්ශන අංශයට ලද තොරතුරක් මතයි විමර්ශන නිළධාරීන් විසින් අදාළ ස්ථානය වැටලීම් කර ඇත.

එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර සහිත ලිපිගොනු 98ක් හා විවිධ රටවල රැකියා ලබාදීමට අදාළ තවත් ලිපිගොනු රැසක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත..

අදාළ ස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මේ අතර, මාතර, අකුරැස්ස ප්‍රදේශයේ Ontario International Holdings නම් ආයතනයක් මගින් විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ දැන්වීමක් අනුව, කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ සොයාබැලීමේ දී අදාළ ස්ථානය නීතිවිරෝධි ලෙස පවත්වාගෙන යනු ලබන ආයතනයක් බවට අනාවරණය වී ඇත,

ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් අදාළ ස්ථානය වැටලීම් කළ අතර, අදාළ ස්ථානයේ හිමිකරු ලෙස කටයුතු කළ අයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙන අතර, එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 02ක්, ජීව දත්ත පත්‍රිකා, ලියාපදිංචි අයදුම්පත්, රැකියා පෝරම හා තවත් ලේඛන රැසක් නිලධාරීන් භාරයට ගෙන තිබෙන බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප 02ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබූ බව පැවසේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan