ශ්‍රී ලංකාවේ තනි පුද්ගල ආයෝජක කාණ්ඩයේ පළමු වාස වීසාව ජර්මානු ජාතිකයෙකුට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් තනි පුද්ගල ආයෝජන කටයුතු සඳහා එක්වන විදේශිකයන්ට වාස වීසා (Residence Visa) ලබාදීමේ ක්‍රමය යටතේ ලියාපදිංචි වූ පළමු විදේශිකයා බවට ජර්මානු ජාතික ආචාර්ය පායි ඩ්‍රෙශල් මහතා පත්ව තිබේ.

ඒ අනුව ඊයේ (01) දිනයේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් එම වීසා පත්‍රය ආචාර්ය පායි ඩ්‍රෙශල් මහතා වෙත පිරිනමා ඇත.

තනි පුද්ගල ආයෝජක කාණ්ඩයේ වාස වීසා සඳහා විදේශිකයන් අයදුම් කිරීමේදී, අමෙරිකානු ඩොලර් 100,000 හෝ ඊට සමාන විදේශීය මුදලක් සඳහා වසර 05ක වාස වීසාවක් ලබා දෙන අතර අමෙරිකානු ඩොලර් 200,000 හෝ ඊට සමාන විදේශීය මුදලක් සඳහා වසර 10ක වාස වීසාවක් ලබාදෙනු ලැබේ.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!