අසත්‍ය හා නොමඟ යවන ප්‍රචාර සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් දැනුම් දීමක්!

Date:

කොළඹ LNW: ඇතැම් පුද්ගලයින් සහ ආයතන අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිර සහ නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකිරීමෙන් දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව දැනුම් දෙයි.

ඒ අනුව කොමිෂන් සභාව පිළිබඳ වැරදි සහගත ප්‍රචාර සිදුකරන හෝ කොමිෂන් සභාවට අවමන් කරන පුද්ගලයින් හෝ ආයතන සම්බන්ධයෙන් දුෂණ විරෝධි පනත සහ අදාළ අනෙකුත් නීති යටතේ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පසුබට නොවනු බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, යුත්තිය පසඳලීමට බාධා කරන හෝ දුෂණය පිටුදැකීමේ සටන සම්බන්ධයෙන් මහජනයා තුළ ඇති විශ්වාසය අවතක්සේරු කරන පදනම් විරහිත ප්‍රකාශ ප්‍රචාරය කිරීම සඳහා අවභාවිතා කළ නොහැකි බව කොමිෂන් සභාව අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...