2025 මුල් මාස 08 ට අප­න­යන ආදා­යම රුපි­යල් කෝටි 417,000ක්: මහ බැංකුව

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW :

මෙරට විදේශ විනි­මය ආදා­යම තව­දු­ර­ටත් ඉහළ යමින් මේ වසරේ මුල් මාස 8ක කාල­යේදී සමස්ත අප­න­යන ආදා­යම රුපි­යල් කෝටි 417,000ක් (අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 13.9) දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නව­තම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ , ඒ අනුව භාණ්ඩ අප­න­යන ආදා­යම රුපි­යල් කෝටි 273,000ක් (අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 9.1) වන අතර සේවා අප­න­යන ආදා­යම රුපි­යල් කෝටි 144,000 (ඩොලර් බිලි­යන 4.8) දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

මේ වසරේ අප­න­යන ආදා­යම පසු­ගිය 2024 වසරේ මුල් මාස අටක කාල­යට සාපේ­ක්ෂව සිය­යට 5.6%ක වර්ධ­න­යක් පෙන්නුම් කරන බව පව­සන ශ්‍රී ලංකා මහ බැංකුව , භාණ්ඩ අප­න­යන ආදා­යම 6.7%කින් සහ සේවා අප­න­යන ආදා­යම 3.5%කින් ඉහළ ගොස් තිබෙන බව සඳ­හන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, මේ වසරේ අගෝස්තු මාස­යේදී පම­ණක් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 1,840ක අප­න­යන ආදා­ය­මක් උපයා ගැනී­මට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර, භාණ්ඩ අප­න­යන ආදා­යම ඩොලර් මිලි­යන 1,282ක් සහ සේවා අප­න­යන ආදා­යම ඩොලර් මිලි­යන 558ක් ඒ අතර වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...