දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල වැඩකොටසක් කිරිමට බලාපොරොත්තු වෙනවා: රෝහිණී

Date:

මෙරට දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේදී විශාල වැඩකොටසක් කිරීමට බලාපොරොත්තුවන බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.

විශේෂයෙන් මෙරට දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණය, ආරක්ෂාව, අධ්‍යාපනය, අයිතිවාසිකම් මෙන්ම දරුවන් සම්බන්ධ ආයතන වල ක්‍රියාත්මක වන වෘත්තීන් වල ගුණාත්මකභාවය පිළිබඳව ද අවධානය යොමු කිරිමට තම සංසදය බලාපො‍රොත්තු වන බවද සභාපතිනිය පැවසුවාය.

දරුවන් සම්බන්ධව සෘජු වගකීමක් ඇති අමාත්‍යාංශ වන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සහ ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතන සමග ඉදිරියේදී වඩාත් සක්‍රීයව කටයුතු කිරීමටද අපේක්ෂා කරන බවද කවිරත්න මහත්මිය සඳහන් කළාය.

කවිරත්න මහත්මිය මේ බව සඳහන් කළේ, ඔක්තොබර් පළමුවැනිදා ට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදි කලාවෙන් ඔබ්බට යමක් අදත්!

සටහන – පුලී අගෝස්තු 06, කොළඹ (LNW): නෝර්වේ හි නාගරික...

වැඩිම ලකුණු ටෙස්ට් ඉණිම සහ අනාගතය වෙනුවෙන් මහේල මතු වූ ටෙස්ට් තරගයට වසර 28 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW: වර්ෂය 1997 ය.දිනය අගෝස්තු 6...

මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව – ඊයෙත් 1000කට වැඩි පිරිසක් අත්අඩංගුවට!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර...

ඉන්දියාවේ මදුරෙයිහි සිට බිලියනපතියකු දක්වා ගූගල් ප්‍රධාන විධායක නිලධාරියාගේ ගමන් මඟ

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ කුඩා නගරයක...