130 කට ආසන්න පිරිසකට මරු කැඳවූ ඉන්දුනීසියාවේ පාපන්දු වියරුව!

Date:

ඉන්දුනීසියාවේ පාපන්දු පිටියක් තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත පුද්ගලයන් 130 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා ප්‍රාන්තයේ මලංග් නගරයේ කන්ජුරුහාන් පාපන්දු පිටියේ ක්‍රීඩාවේ නිරත වූ කණ්ඩායම් දෙකට සහාය පළකරන රසිකයන් දෙපිරිසක් අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබේ.

ක්‍රීඩා පිටිය වෙතට දිව එන පාපන්දු රසිකයන් අතර දරුණු ගැටුමක් හටගන්නා අතර, එම තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාර දියත් කරන අන්දම ද දක්නට ලැබිණි.

මෙම සිදුවීම සජීවීව පටිගත කළ වීඩියෝපටයක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතී.

මරණයට පත් බොහෝ පුද්ගලයන් දෙපිරිස අතර ඇතිවූ ගැටුමට සිරවී ඔක්සිජන් නොමැතිවීම මත ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබෙන්නේ, කන්ජුරුහාන් පාපන්දු පිටියේ ඊයේ (01) දින පැවැත්වූ තරඟාවලියේදී තරඟය මෙහෙය වූ අරීමා මලංග් කණ්ඩායම ප්‍රතිවාදී පර්සිබයා සුරාබයා කණ්ඩායම හමුවේ 3 ට 2 ක් ලෙස පරාජයට පත්වීමත් සමඟයි.

පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා අරීමා මලංග් කණ්ඩායමට සහාය ලබා දෙන රසිකයන්ට පමණක් පිටියට ඇතුළු වීමට පොලීසිය අවසර ලබා දී තිබේ.

මිය ගිය පිරිස අතර, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද සිටින බව සඳහන්.

තුවාල ලැබූ පිරිස මලංග් නගරයේ රෝහලකට ඇතුළු කර ඇති බව ද වාර්තා වේ.

Outbound Today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...