පුද්ගලික හේතූන් මත නීති විදුහල්පති ඉවතට?

Date:

කොළඹ (LNW): පසුගිය වසර 3 ක කාලය තුල නීති විද්‍යාලයේ සුවිසල් දියුනුවක් ඇතිකිරීමට කටයුතු කල එහි වත්මන් විදුහල්පති ආචාර්ය අතුල පතිනායක මහතාට සේවා දිගුවක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට නීති අධ්‍යාපන කවුන්සිලය තීරණය කරඇති බව වාර්තා වෙයි. මේ පිලිබදව කොලඹ නීතිඥ ප්‍රජාව අතර දැඩි කතාබහක් ඇතිව තිබේ.

පැරනි ආයතනික කලමනාකරන ව්‍යුහය නවීකෘත කරමින් සහ නවීකෘත භෞතික සම්පත් රැසක් සිසුන්ට ලබා දෙමින්, කලට වෙලාවට විභාග පවත්වමින් සහ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන අවස්ථා විවර කරමින් නීති විද්‍යාලය තුල පතිනායක මහතා සිදුකරගෙන ගිය වැඩපිළිවෙළ පසුගිය කාලසීමාව තුල නීති ක්ෂේත්‍රයේ මෙන්ම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේද නොමද පැසසුමට ලක්විය.

පසුගිය කාල සීමාව පුරාවටම පතිනායක මහතාට එරෙහිව නිර්නාමික චෝදනා සහ මඩ ප්‍රහාර රාශියක් එල්ල වූ අතර පසුව ඒවායේ අසත්‍යතාවය හෙළිදරව් වීමෙන් එම චෝදනා යටපත් විය.

මේ පිළිබඳව වත්මන් අධිකරණ ඇමතිනී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කිසිදු ආකාරයකින් දැනුවත් කිරීමට නීති අධ්‍යාපන කවුන්සිලයේ අමාත්‍යවරයාගේ නියෝජිතයින් 6 දෙනා ලෙස කටයුතු කරන නීතිඥවරුන් ක්‍රියා කර නොමැති බවත්, එමෙන්ම අදාල තීරණය ගැනිම සඳහා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා පවා සහභාගී වී නොමැති බවත් අප රජය පාර්ශවයෙන් කල විමසීමකදී දැනගැනීමට ලැබිණි.

මෙම තීරණය නීති විද්‍යාලයේ උන්නතිය අපේක්ෂා කරන නීතිඥවරුන් සහ නීති සිසුන් බහුතරයකගේ කණගාටුවට හේතු වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරණ සෙල්ලම් අවසන්. ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කරන්න රජයෙන් තීරණ රැසක්!

කොළඹ LNW:ඉහළ යන බිහිසුණු අනතුරු වැළැක්වීම සඳහා රජය් විසින්...

සජබ මන්ත්‍රී ප්‍රසාද් මාලිමා මන්ත්‍රීනී ලක්මාලිගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල තමන් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද...

ජනාධිපති ට්‍රම්ප්ගේ ඉහලම විශ්වාසවන්තයකු වූ කොන්සර්වේටිව් ක්‍රියාකාරික චාලි කර්ක් වෙඩිතබා ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කොන්සර්වේටිව් පක්ෂ...

කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරියෙක් CID අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල පාතාල කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ...