ගිය වසරට සැසඳීමේදී මුල් මාස 9 තුළ සුරාබදු ආදායම 24% කින් ඉහළට. ඉතිහාසයේ ඉහළම ආදායම් ඉලක්කයට සූදානම් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය වසර හා සංසන්දනය කිරීමේදී 2024 වසරේ මුල් මාස 9 තුළ සුරාබදු ආදායම 24% කින් ඉහළ ගොස් ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (02) සුරාබදු දෙපාර්තමේන්තුවේදී පැවති 2023 – 24 කාලසීමාවට අදාළ සුරාබදු ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමිනි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ වැඩිම සුරාබදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 232ක ඉලක්ක කරා ළඟා වීමට සුරාබදු දෙපාර්තමේන්තුව සූදානම් බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම නව මත්පැන් අලෙවිසැල් බලපත්‍ර 172ක් නිකුත් කිරීම තුළින් රුපියල් බිලියන 2.50ක ආදායමක් උපයා ගැනීමට දෙපාර්තමේන්තුව සමත්ව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ඉදිරියේදී නීතිවිරෝධී මත්පැන් ඇතුළු සුරාබදු අක්‍රමිතාවලට එරෙහිව පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වැටළීම් සිදුකරමින් නීතිය ඉතාම තදින් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරන බවයි එම්. ජේ. ගුණසිරි මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ අගනුවර පිපිරීම් වලින් විනාශ වෙයි : එක්සත් ජනපදයටත් දොස්..

රෂිකා හෙන්නායක ජනවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ අගනුවර පිපිරීම්...

රජය පොරොන්දු ඉටු නොකර ජනතාවගේ බලාපොරොත්තු සුන් කරලා – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:රජය නිතරම විපක්ෂයට දොස් පැවරීමට උත්සාහ කරන බව...

අපේක්ෂා කළ මට්ටමට වඩා ආර්ථික වර්ධනයක බලාපොරොත්තුවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවට ගොදුරු වූ රට යළි...

ආපදා සිසුන් හා සාපෙළ!

උපාලි කොළඹගේ කොළඹ LNW:අධ්‍යාපනය පිළිබඳව විවිධ මාතෘකා ඔස්සේ අදහස් දක්වන...