ඩයමන්ඩ් ලීග් නාම ලේඛනයේ ලංකාවෙන් යුපුන් පමණයි- රුමේෂ් තරංගට සහ තරුශිටත් තරග පිරුණු වසරක් කිරීම ලංකාවේ වගකීමයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 03, (LNW) කොළඹ :
ලොව පුරා මලල ක්‍රීඩා ලෝලීන් වඩාත්ම ආකර්ශණය කර ගන්නා තරග ඉසව් වන්නේ ඩයමන්ඩ් ලීග් තරගාවලියේ සංවිධායකයින් 2025 වසර සඳහා ඩයමන්ඩ් ලීග් තරග පැවත්වෙන දින සහ ස්ථාන පිළිබඳවත් ඒ ඒ තරගවලට ඇතුළත්වන ක්‍රීඩා ඉසව් පිළිබදවත් ප්‍රසිද්ධ කර තිබෙනවා.මේ තරග සටහන වගේම ඊට සුදුසුකම් ලද ක්‍රීඩක ක්‍රීඩිකා නාම ලේඛනය පිළිබඳව විමසිලිමත් වෙද්දී,ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ගේ නම ද සුදුසුකම් ලැබීමේ ලේඛණයේ තිබෙන බව දැකිය හැකියි.

මේ තරගාවලියට සුදුසුකම් ලැබීමේ සළකා බැලීම සඳහා වන කාලය මේ වන විට නිමා වී ඇද්ද යන්න පැහැදිළිව නැතත්,මේ තරගාවලියේ පවතින තරගකාරී මට්ටම තුළ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගගේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වේ හැකියාව ද පවතින බව අමතක කළ නොහැකියි.ඒ අනුව ඔහු මෙන්ම තරුශි කරුණාරත්නටත් එළැඹෙන වසර තුළ ජාත්‍යන්තර පිටියේ වඩාත් තරගකාරි අවස්ථාවන් ලබා දීම සඳහා අවධානය යොමු කිරීම වැදගත්.

ශ්‍රී ලංකාවේ පවතින 2028 ඔලිම්පික් වර්ෂයේ දී ම මොවුන් ගැන සිතීමේ සාමාන්‍ය ක්‍රමවේදය ඉක්මවා මේ ක්‍රීඩකයා ගැන සහ ක්‍රීඩිකාව ගැන සිතීමට මලල ක්‍රීඩා සංගමය,ක්‍රීඩා අමාත්‍යංශය මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුව ද අවධානය යොමු කරන්නේනම් රටට වැදගත් ප්‍රතිපල ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...