ඩයමන්ඩ් ලීග් නාම ලේඛනයේ ලංකාවෙන් යුපුන් පමණයි- රුමේෂ් තරංගට සහ තරුශිටත් තරග පිරුණු වසරක් කිරීම ලංකාවේ වගකීමයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 03, (LNW) කොළඹ :
ලොව පුරා මලල ක්‍රීඩා ලෝලීන් වඩාත්ම ආකර්ශණය කර ගන්නා තරග ඉසව් වන්නේ ඩයමන්ඩ් ලීග් තරගාවලියේ සංවිධායකයින් 2025 වසර සඳහා ඩයමන්ඩ් ලීග් තරග පැවත්වෙන දින සහ ස්ථාන පිළිබඳවත් ඒ ඒ තරගවලට ඇතුළත්වන ක්‍රීඩා ඉසව් පිළිබදවත් ප්‍රසිද්ධ කර තිබෙනවා.මේ තරග සටහන වගේම ඊට සුදුසුකම් ලද ක්‍රීඩක ක්‍රීඩිකා නාම ලේඛනය පිළිබඳව විමසිලිමත් වෙද්දී,ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ගේ නම ද සුදුසුකම් ලැබීමේ ලේඛණයේ තිබෙන බව දැකිය හැකියි.

මේ තරගාවලියට සුදුසුකම් ලැබීමේ සළකා බැලීම සඳහා වන කාලය මේ වන විට නිමා වී ඇද්ද යන්න පැහැදිළිව නැතත්,මේ තරගාවලියේ පවතින තරගකාරී මට්ටම තුළ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගගේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වේ හැකියාව ද පවතින බව අමතක කළ නොහැකියි.ඒ අනුව ඔහු මෙන්ම තරුශි කරුණාරත්නටත් එළැඹෙන වසර තුළ ජාත්‍යන්තර පිටියේ වඩාත් තරගකාරි අවස්ථාවන් ලබා දීම සඳහා අවධානය යොමු කිරීම වැදගත්.

ශ්‍රී ලංකාවේ පවතින 2028 ඔලිම්පික් වර්ෂයේ දී ම මොවුන් ගැන සිතීමේ සාමාන්‍ය ක්‍රමවේදය ඉක්මවා මේ ක්‍රීඩකයා ගැන සහ ක්‍රීඩිකාව ගැන සිතීමට මලල ක්‍රීඩා සංගමය,ක්‍රීඩා අමාත්‍යංශය මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුව ද අවධානය යොමු කරන්නේනම් රටට වැදගත් ප්‍රතිපල ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...