*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

ආණ්ඩුව සමහර දේවල් රටට හංගනවා – පුබුදු ජයගොඩ

අද (03) දින නුගේගොඩ දී වත්මන් දේශපාලන තත්වය පිළිබඳ ජන අරගල සන්ධානයේ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එහිදී ජන අරගල සන්ධානයේ පුබුදු ජයගොඩ පවසා සිටියේ, පසුගිය කාලයේදී ජනතාවගේ විරෝධයට ලක්ව සිටි හිටපු නිළධාරීන් සහ ව්‍යාපාරික පැලැන්තිය නැවත වේගයෙන් බලය තහවුරු කරගනිමින් යන බවයි. තවද අලුත් ආණ්ඩුව ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දෙමින් සිටින බවත්, ආරක්ෂක අමාත්‍යාංශය ලේකම්වරයාගේ පත්වීම, පරිසර අමාත්‍යාංශ ලේකම්වරයගේ පත්වීම සමාජයේ දැඩි අප්‍රසාදයට හේතු වෙමින් යන බවද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ පුබුදු ජයගොඩ,

” ලංකාවේ ජනතාව මුහුණ දීලා ඉන්න ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් අලුත් ආණ්ඩුව කටයුතු කරන ආකාරය ගැන ඉතාම බරපතළ අපැහැදිලිතාවයක් මතුවෙලා තියනවා.

ජන අරගල සන්ධානය විදිහට අපි පහුගිය කාලේ මූලික වශයෙන් කතාකරපු කාරණා තුනක් තිබුණා. පළවෙනි එක තමයි IMF වැඩපිළිවෙළ ලංකාවේ ආර්ථිකයට මේ රටේ ජනතාවට බරපතළ හානියක් කරමින් යනවා කියන කාරණය. දෙවෙනි එක තමයි ලංකාවේ ආර්ථික ස්වාධීනත්වයත් දේශපාලන ස්වාධීනත්වයත් අහිමි වෙන විදිහට ඉන්දියානු රජය කරනු ලබන මැදිහත් වීම. තුන්වෙනි එක තමයි ජනතාවගේ අරමුදල් හොරාකෑම ගැන ලංකාවේ දේශපාලන තන්ත්‍රය දෙසට අපි නාභිගතවෙනකොට මේකට සම්බන්ධ අනිත් නිළධාරී වලල්ල සහ ව්‍යාපාරික පැලැන්තිය ගැන අවධානය මුළුමනින්ම ගිලිහී යාම.

පහුගිය කාලේ ජනතාවගේ විරෝධයට ලක්වෙලා හිටපු නිළධාරීන් සහ ව්‍යාපාරික පැලැන්තිය නැවත වේගයෙන් බලය තහවුරු කරගනිමින් යනවා. අලුත් ආණ්ඩුව ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දෙමින් ඉන්නවා. පහුගිය කාලේ දූෂිත ඡෝදනා ලබපු සමහර අමාත්‍යාංශ ලේකම්වරු ඒ විදිහටම තියාගෙන යන්න දැන් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්න එක මේ තත්වයට උදහරණයක්. සමහර අමාත්‍යාංශ ලේකම්වරු පත්කරපු විදිහ ගැන සමාජයෙන් ලොකු විරෝධයක් එල්ලවෙන්න පටන් අරං. ආරක්ෂක අමාත්‍යාංශය ලේකම්වරයාගේ පත්වීම, පරිසර අමාත්‍යාංශ ලේකම්වරයගේ පත්වීම සමාජයේ දැඩි අප්‍රසාදයට හේතු වෙමින් යනවා.

ඊලඟට පහුගිය ගෝඨාභය ආණ්ඩුවේ හිටපු සමහර දූෂිත නිළධාරීන්ම නැවත තහවුරු වෙන බව පේනවා. දැන් ලංගම සභාපති විදිහට පත් කරපු කෙනා තමයි ගෝඨාභය ආණ්ඩුවේ ලංගම විදිහට හිටියෙ. දැන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර විදිහට පත්කරල තියනවා අනීෆ් යූසූෆ්. මොහු තමයි එක්ස් ෆෝ ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියා විදිහට හිටියෙ. පහුගිය කාලේ සාවද්‍ය ඉන්වොයිසකරණය හරහා ඩොලර් බිලියන 56ක පමණ ප්‍රමාණයක් නීති විරෝධී විදිහට පිටරටවලට ගෙනිහින් තියනවා. ඒ ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාවක් ඉටු කලේ මේ එක්ස් ෆෝ ලංකා සමාගම. 2018 – 19 මූල්‍ය වර්ශයේ මේ සමාගමේ ශුද්ධ ලාභය තිබුණෙ රුපියල් මිලියන 1909ක් විදිහට. හැබැයි 2021 – 22 මූල්‍ය වර්ෂය වෙද්දි මේ මුදළ රුපියල් මිලියන 72792ක් දක්වා වේගයෙන් ඉහළ ගිහිල්ලා. එතකොට මේක 36% ගුණයක ලාභය ඉහළ යාමක්. පහුගිය කොවිඩ් අර්බුදය කාලේ මේ සමාගම කොහොමද මෙච්චර තමන්ගේ ලාභ රේට්ටුව වැඩි කරගත්තෙ ? එතකොට ඒ සමාගමේ විධායක ප්‍රධානියා එකතු කරගෙන මේ ආණ්ඩුව යන්න සූදානම් වෙන ගමන මොකක් ද ? එතකොට මේ සමාගම් මෙච්චර ලාභයක් හෙව්වෙ කොහොමද කියන කාරණය ගැන විමර්ශනයක් වෙලා තියනවද ?

දැන් අද බ්‍රහස්පතින්දා IMF එකත් එක්ක ආණ්ඩුව සාකච්ඡා ආරම්භ කලා. පහුගිය අඟහරුවාදා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විදිහට විජිත හේරත් කිව්වා කිසිඳු සැලැස්මක් තවම සකස් කරලා නෑ කියලා. මේක බරපතළ ප්‍රශ්නයක්. පහුගිය ජනාධිපතිවරණය කාලෙත් අපි දිගින් දිගටම කිව්වෙ මොකද්ද ඉදිරි සැලැස්ම ? අයි එම් එෆ් එකත් එක්ක ඉදිරියට යනවද ? කියන කාරණය ප්‍රසිද්ධියේ රටට කියන්න කියලා. හැබැයි අද වෙනකලුත් මේගොල්ලො රටට හංගමින් යනවා සැලසුම.

එතකොට මේ සාකච්ඡා වල එකඟතා මොනවද ? පහුගිය කාලේ රනිල්ලා ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙළම ද ඉස්සරහටත් ක්‍රියාත්මක වෙන්නෙ ? වගේ දේවල් රටේ ජනතාවට වහාම හෙලිකළ යුතුයි. ආණ්ඩුවේ ස්ථාවරය රටට හෙලිකරන්න ඕන. මොකද රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය විස්වාස බව රටට කියපු මහබැංකු අධිපතිවරයෙක් තියාගෙන තමයි මේ ගමන මේගොල්ලො යන්නෙ. ඒක නිසා මේ ආණ්ඩුවේ මැදිහත්වීම් ගැන බරපතළ සැකයක් ඇති වීම වලක්වන්න බෑ.

ඊලඟ කාරණය තමයි ඉන්දියානු මැදිහත් වීම. පහුගිය මැතිවරණ කාලේ ඉන්දියානු ආරක්ෂක ලේකම් අජිත් දොවාල් ලංකාවට ඇවිත් හැසිරුණේ ඉන්දියාව පත් කරල එවපු ලංකාවේ ආණ්ඩුකාරයා වගේ . ඔහු ලංකාවේ ජනාධිපති අපේක්කයින් මුණගැහිලා ආණ්ඩු බලය ගත්තට පස්සෙ කටයුතු කරන්න ඕන විදිහ ගැන උපදෙස් දුන්නා. අනුරකුමාර දිසානායක ජනාධිපති විදිහට දිවුරුම් දෙන්න කලින් දවසෙ රාත්‍රියේ තමයි ඉන්දියානු මහකොමසාරිස් ගිහිං අනුරුට සුබ පැතුවෙ. අගමැතිවරිය දිවුරුම් දෙන දවසෙ උදේ ගිහිං ඇයව හමු වුණා.. දැන් ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා උතුරේ දමිළ පක්ෂ නායකයින් කැඳවල කියනවා ඒ පක්ෂවලට එකට එකතුවෙලා සන්ධානයක් විදිහට මැතිවරණයට තරඟ කරන්න කියලා. එතකොට මේක ලංකාවේ දේශපාලනයට පැහැදිලිව ඇඟිලි ගැසීමක්. ඔහු කොහොමද තීරණය කරන්නෙ ලංකාවේ දේශපාලන පක්ෂ මැතිවරණයට තරඟ කරන්න ඕන විදිහ. එහෙම තියෙද්දි තමයි ඉන්දියානු විදේශ අමාත්‍ය ජයශංකර් හෙට දිනයේ ලංකාවට පැමිණෙන්න නියමිත වෙලා ඉන්නෙ.

ආණ්ඩුව මේ වෙනකල් කියලා නෑ මොකටද ඔහු ලංකාවට එන්නෙ කියල. එතකොට මේ සියලු කරණු ගැන බරපතළ ප්‍රශ්නයක් තියනවා. ඒ නිසා ආණ්ඩුව මේවා ගැන වහාම ජනතාවට හෙලි කරන්න ඕන. මොකද මේ කටයුතු නිසා අන්තිමට වන්දි ගෙවන්න වෙන්නෙ රටේ ජනතාවට . එතකොට ජනතාව බේර ගන්න ඔය කවුරුත් එන්නෙ නෑ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan