මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා කොරියානු එක්සීම් බැංකුවේ මූල්‍ය සහාය!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ (LNW):

කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේදී අද (03) හමුවක් පැවති අතර එහිදී ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේදී කොරියානු එක්සීම් බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දුන් මූල්‍ය සහාය 2022 -2024 වසර වලදී අත්හිටුවා තිබූ අතර, එම සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සහන පොලී ණය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර තිබෙන බව සඳහන් වේ.

ශ්‍රී ලංකා රජයේ ආර්ථික වශයෙන් ඵලදායී වැඩසටහන් සඳහාද ඉදිරියේදී මූල්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තුවන බවද කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයින් අවධාරණය කර ඇති බව පැවසේ.

කොරියානු එක්සීම් බැංකුවේ අධ්‍යක්ෂ වොන්සුක් හා (Won-suk HA), නියෝජ්‍ය අධ්‍යක්ෂ හනුයි හන් ( Hanui Han), ව්‍යාපෘති කළමනාකාර නලින් ජයතුංග යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා ද මෙම අවස්ථාවට එක්වුණ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...