කොළඹ ඉඳන් පොලොන්නරුවට කි.මි. පහෙන් පහට ලස්සන වැසිකිලි පද්ධතියක් හදනවා – ඇමති TB

ජාතික ජන බලවේගයේ පාලනය තුළ කොළඹ සිට පොලොන්නරුව දක්වා සෑම කිලෝමීටර් 4 – 5කට එකක් බැගින් පොදු වැසිකිලි පද්ධතියක් ඉදිකරන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“කොළඹ ඉඳලා මෙහාට එනකල් ලස්සන, හොඳට කාටත් යන්න පුළුවන් වැසිකිලි පද්ධතියක් හදන්න අවුරුදු 76ක් තිස්සේ කාටත් බැරිවුණා. තියෙනවා වැසිකිලි, යන්නෙ නෑ කවුරුවත්. නේද ? සෑම කිලෝමීටර් 4 – 5කට ආසන්නව සනීපාරක්ෂක හොඳ වැසිකිලි පද්ධතියක් කොළඹ ඉඳන් මෙහාට එනකල් අපි සෑම තැනකම හදන්න කටයුතු කරනවා. හැම තැනකම හදනවා. පහසුකම් අපි හරිගස්සනවා”

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව කොටලීය පාලම ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීමේ උත්සවයට පෙරේදා (01) එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...