ඉන්දික ගමගේ ලෝක සූරයන් අතරට

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 03, කොළඹ LNW:

ඉන්දියාවේ පැවත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා සූරතාවලියේ ටී44 දුර පැනීමේ ඉසව්ව නියෝජනය කළ ඉන්දික ගමගේ එහි ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් විය.ඉහළ තරගකාරී තත්ත්වයකින් නිමාව දුටු මේ තරගයේ ජයග්‍රහණය හිමි කර ගත් ඉතාලියේ මාර්කෝ සික්චෙට්ටි යුරෝපීය වාර්තාව අලුත් කළ අතර දෙවන තැන දිනුවේ බෙලරුසියාවට තරගාවලිය නියෝජනයට අවස්ථාවක් නැති නිසා රටක් නියෝජනය නොකරන ක්‍රීඩකයෙකු ලෙස තරග වැදි ඩිස්මිට්රි බාර්ටසේවිච් ය.ඔහු දැක් වූ දස්කම ද සටහන් වූයේ ඔහුගේ හොඳම පෞද්ගලික දස්කම ලෙසය.


නුවන් ඉන්දික ගමගේ ද මේ තරගයේදී වාර්තා කළ මීටර් 6.46 ක පිම්ම ඔහුගේ කාලීන හොඳම දක්ෂතාවය විය.ඡායාරූපවල ඉන්දික ඔහුගේ පුහුණුකරු වයි.කේ කුලරත්න සමඟ සිටින අතර තරග ප්‍රතිපල සටහනද දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...