ව්‍යාජ තොරතුරු මත පදනම්ව වාහන ලියාපදිංචි කිරිමේ සිද්ධියක් ගැන මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව විමර්ශනයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03 කොළඹ LNW :

මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීමෙන් , ව්‍යාජ තොරතුරු මත පදනම්ව වාහන ලියාපදිංචි කිරිමේ සිද්ධි සම්බන්ධයෙන් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය පවසයි.

පසුගිය සති කිහිපයේදී, ව්‍යාජ තොරතුරු යොදා ගෙන ලියාපදිංචි කළ වාහන 8 ක්  දිවයිනේ විවිධ  ප්‍රදේශවලදී පොලිස් භාරයට ගැණුනි. ඒ සම්බන්ධ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම වාහන රේගුවට වසන් කර මෙරටට ආනයනය කර පසුව පැරණ වාහනවල චැසි අංකවලට ලියාපදිංචි කර ඇති බවයි.

එම ජාවාරමට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකගේ සහය ලැබී ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඇතැම් මොටර් රථ ලියාපදිංචිය සඳහා දත්ත පරිගණකවලට ඇතුළත් කර ඇත්තේ කාර්යාලයීය වේලාවලින් පසුව බවද විමර්ශනවලදී හෙළිවූ බවය. ඒ අනුව අධිකරණ නියෝග මත මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් මේ වනවිටත් ප්‍රකාශ ලබා ගෙන ඇති බව වැඩිදුරටත් පොලීසිය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඳුවෙමින් පවතින්නේ සුගත්ගේ පැත්තට අවනඩු හැරවීමක් ද?

නිශ්මං රණසිංහ ජනවාරි 0, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රීඩා...

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 (2026) අධ්‍යයන...

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විකල්ප හෝ මිලිටරි ක්‍රම සලකා බලන බව ධවල මන්දිරය කියයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස