*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

විපක්ෂයේ සන්ධානයටත් “වෙන්ඩ මහලේකම්ලා” දෙන්නෙක් !

මේ දවස්වල “වෙන්ඩ ජනාධිපතිලා” ගොඩායි නෙ මේ රටට. දවස ගාණෙ එක එක්කෙනා ඒ ලැයිස්තුවට එකතු වෙනවා. මේ කියන්න යන්නේ “වෙන්ඩ මහලේකම්ලා” දෙන්නෙක් ගැන.

කතාව මෙහෙමයි,

දයාසිරි ජයසේකරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් පැන්නුවාට පස්සේ එයාව තමතමන්ගේ පක්ෂවලට එකතු කරගන්න පාර්ශ්ව කීපයක්ම ලෑස්ති වුණා. ඒත් දයාසිරිට ඒ ගැන වැඩි උනන්දුවක් තිබ්බෙ නෑ, මොකද එයාගෙ වුවමනාව කොහොමහරි ආපහු ශ්‍රී ලංකා එකට ගිහින් ඒකෙ බලය අල්ලන එක. එහෙම බැරිම වුණොත් ශ්‍රී ලංකා එකේ ලොකු කෑල්ලක් කඩාගෙන අයින් වෙන එක තමයි එයාගෙ ටාගට් එක.

දයාසිරිත් එක්කම ටිකට් එක හම්බෙන්න නියමිත තව එක්කෙනෙක් ඔතන හිටියා. ඒ තමයි අර අශ්ව රේස්වලට ප්‍රසිද්ධ කොළඹ පැත්තේ හාදයා. බුලත් කොළ සන්ධානෙ මහලේකම්කම මෑතකදී හම්බෙච්ච එක්කෙනා. මෑන් ඉතිං බිස්නස්කාරයානෙ. පොර දැන් දයාසිරිව විකුණ විකුණා වෙනම වැඩක් පටන් ලු.

“මීළඟ ජනාධිපතිවරණෙන් දිනන්න පුළුවන් වෙන්නේ වැඩිම පක්ෂ ගාණක් එකතු කරගන්න පුළුවන් අපේක්ෂකයාට. එහෙම පක්ෂ ගාණක් එකතු කරලා හදන සන්ධානෙකින් පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙන කෙනා තමයි දිනන්නේ. ඒකට ඉතින් ඔය පක්ෂ ඔක්කොම එක්ක කතා කරලා, ඒ අයගේ විශ්වාසය දිනාගෙන, ඒ හැමෝම එක වේදිකාවට ගේන්න පුළුවන් කෙනෙක් ඒ අලුත් සන්ධානයේ මහලේකම් වෙන්න ඕනෑ. ඒ හැම සුදුසුකමක්ම මට තියෙනවා. මම දැනටත් පක්ෂ ගාණක් ඉන්න සන්ධානෙක මහලේකම්. ඒ නිසා මට ඒ වැඩේ පහසුවෙන් කළ හැකි. දයාසිරිත් ඉන්නේ මගෙත් එක්ක. මම දැනටත් පක්ෂ ගාණක් එක්ක සාකච්ඡා කරන්න පටන් අරන් තියෙන්නේ” ඔන්න ඔහොම කතාවක් එයා සෑහෙන දෙනෙක් එක්ක කියලා තියෙනවා ලු. විපක්ෂයෙන් හදන සන්ධානයක් නම් ඉතිං මුලින්ම කතා කරන්න ඕනේ ටෙලිෆෝන් පක්ෂෙ ලොක්කා එක්කනෙ, ඒත් මෙයා ටෙලිෆෝන් ලොක්කා ගාවට කෙළින්ම නොයා ඒ ලොක්කාගෙ හිතවතෙක් හරහා මේ යෝජනාව දාන්න ට්‍රයි එකක් දීලාත් තියෙනවා ලු.

ඔය අතරේ ඔය කතාව ආරංචි වෙච්චි ඉංග්‍රීසි අකුරු දෙකේ මහාචාර්යතුමාට මළ පැනලා ලු. මහාචාර්යතුමා මේ දවස්වල ඉන්නෙ ටෙලිෆෝන් පක්ෂෙ ලොක්කාගෙ අගසව් වගේනෙ. “එහෙම කොහොමද ? ස්වාධීන කණ්ඩායමක් හැටියට වැඩිම මන්ත්‍රීවරුන් ගාණක් ඉන්නෙ අපිත් එක්ක. විපක්ෂ සන්ධානයක මහලේකම් තනතුර ලැබෙන්න ඕනෙ අපට” කියලා එයා කියනවා ලු. එයා ඔය “අපට” කියලා කියන්නෙ තමන්ට කියන එකට.

ඔය මොනවා කිව්වත් ටෙලිෆෝන් පක්ෂෙ ලොක්කාගෙන් නම් ඔය “වෙන්ඩ මහලේකම්ලා” දෙන්නාගෙන් එක්කෙනෙකුටවත් කිසිම පොසිටිව් සිග්නල් එකක් ලැබිලා නැති ලු. එහෙම එකක් ලොවෙත් ලැබෙන්නෙත් නැතිවෙයි කියලා තමයි ආරංචිමාර්ග කියන්නේ.

හැබැයි මේ “වෙන්ඩ මහලේකම්ලා” දෙන්නා නටන නැටුම නිසා ප්‍රබල විපක්ෂ සන්ධානයක් හදාගන්න එකට නම් යම් බාධාවක් වෙන්න පුළුවන් කියලා කට්ටිය කතා වෙනවාලු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan