DRC කොංගෝ හි බෝට්ටුවක් පෙරලීම හේතුවෙන් 78 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පුද්ගලයන් 278 දෙනෙකු රැගත් බෝට්ටුවක් කිවු විලේදී පෙරලියාම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 78 ඇති බව වාර්තා වේ.

මෙම බෝට්ටුව දකුණු කිවු පළාතේ මිනෝවා නගරයේ සිට ගෝමා වෙරළ බලා ගමන්ගෙන තිබු අතර කොංගෝ රජයේ හමුදා සහ M23 කැරලිකරුවන් අතර සටන් පවතින ප්‍රදේශයක ගොඩබිම් ගමනාගමනය වළක්වා ගැනීම සඳහා බොහෝ විට ජනාකීර්ණ යාත්‍රාවලින් කිවු විලෙහි උතුරු කෙළවර තරණය කර ගෝමා වෙත බෝට්ටුවකින් තරණය කිරීමට වැඩි පිරිසක් තෝරාගෙන ඇත.

දකුණු කිවු පළාතේ ආණ්ඩුකාර ජීන් ජැක් පුරිසි රොයිටර වෙත ප්‍රකාශ කර තිබුණේ, සියලු මළ සිරුරු තවමත් සොයාගෙන නැති නිසා මරණ සංඛ්‍යාව ඉහල යා හැකි බවත්, නිශ්චිත සංඛ්‍යා ලබා ගැනීමට අවම වශයෙන් දින තුනක්වත් ගතවනු ඇති බවත්ය.

2021 අගභාගයේදී M23 ප්‍රහාරයක් දියත් කළ දා සිට, කණ්ඩායම නැගෙනහිර DRC හි විශාල භූමි ප්‍රදේශයක් අත්පත් කරගෙන ඇති අතර, එහි මිලිටරි පැවැත්ම සහ ප්‍රදේශයේ සන්නද්ධ කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...