DRC කොංගෝ හි බෝට්ටුවක් පෙරලීම හේතුවෙන් 78 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පුද්ගලයන් 278 දෙනෙකු රැගත් බෝට්ටුවක් කිවු විලේදී පෙරලියාම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 78 ඇති බව වාර්තා වේ.

මෙම බෝට්ටුව දකුණු කිවු පළාතේ මිනෝවා නගරයේ සිට ගෝමා වෙරළ බලා ගමන්ගෙන තිබු අතර කොංගෝ රජයේ හමුදා සහ M23 කැරලිකරුවන් අතර සටන් පවතින ප්‍රදේශයක ගොඩබිම් ගමනාගමනය වළක්වා ගැනීම සඳහා බොහෝ විට ජනාකීර්ණ යාත්‍රාවලින් කිවු විලෙහි උතුරු කෙළවර තරණය කර ගෝමා වෙත බෝට්ටුවකින් තරණය කිරීමට වැඩි පිරිසක් තෝරාගෙන ඇත.

දකුණු කිවු පළාතේ ආණ්ඩුකාර ජීන් ජැක් පුරිසි රොයිටර වෙත ප්‍රකාශ කර තිබුණේ, සියලු මළ සිරුරු තවමත් සොයාගෙන නැති නිසා මරණ සංඛ්‍යාව ඉහල යා හැකි බවත්, නිශ්චිත සංඛ්‍යා ලබා ගැනීමට අවම වශයෙන් දින තුනක්වත් ගතවනු ඇති බවත්ය.

2021 අගභාගයේදී M23 ප්‍රහාරයක් දියත් කළ දා සිට, කණ්ඩායම නැගෙනහිර DRC හි විශාල භූමි ප්‍රදේශයක් අත්පත් කරගෙන ඇති අතර, එහි මිලිටරි පැවැත්ම සහ ප්‍රදේශයේ සන්නද්ධ කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...