රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ (LNW):
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් මහතා සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබෙන බව වාර්තා වේ.
ජනාධිපතිවරයා ප්රමුඛ වත්මන් රජයේ වැඩපිළිවෙල ද ජගත් මහලේකම්වරයාගේ ඇඟයීමට ලක් වූ බව සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්රී ලංකා සම්බන්ධීකාරක මාක් ඇන්ඩෘ ෆ්රාන්ක් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී මේ බව ප්රකාශ කර තිබෙන අතර, පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාගේ සදාචාරාත්මක දේශපාලන ක්රියාවලිය ද මෙහිදී පැසසුමට ලක් කෙරුනු බව පැවසේ.
වංචා, දූෂණ, අක්රමිකතා මැඩපැවැත්වීම සදහා වන රජයේ වැඩපිළිවෙල ද විශේෂ පැසසුමට ලක් කෙරුණු අතර, සැමට සාධාරණ සමාජයක් ගොඩනැගීම සදහා ජනාධිපතිවරයාගේ කැපවීම ද මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව තිබෙන බව සඳහන් වේ.