ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට හානියක් නෑ – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ (LNW):

යුද ගැටුම් හමුවේ ලෙබනනයේ හෝ ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කිසිවෙකුටත් මෙතෙක් කිසිදු අනතුරක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කෙසේ වෙතත් එම රටවල් දෙකට සේවකයන් බඳවා ගැනීම සහ ලියාපදිංචි කිරීම තාවකාලිකව නතර කර  තිබෙන අතර, ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පවසයි.

එරට සිටින ඥාතීන් පිළිබද විමසීමක් සිදුකිරීමට අවශ්‍ය නම් 1898 අංකය ඇමතිය හැකි බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලයේ හෝ ලෙබනනයේ සිටින යම් ශ්‍රමිකයෙකුට පහසුකම් සැපයීමේ අවශ්‍යතාවක් ඇතිවුව හොත් ඊට  අවශ්‍ය මුදල් ලබා ගැනීමට සියලු උපදෙස් ලබා දී ඇති බවද සෙනරත් යාපා මහතා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...