පුවක්දණ්ඩාවේ සනාගේ ගෙදරින් ජනාධිපති කවදාවත් කාලා නෑ. වහාම විමල්ව අත්අඩංගුවට ගන්න – ඇමති රුවන් CIDයෙන් ඉල්ලයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තංගල්ලෙන් හමුවූ අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝ 700කට අධික තොගය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති “පුවක්දණ්ඩාවේ සනා” නමැති පාතාල නායකයා සමග ජාතික ජන බලවේගයේ නායකයින්ට කිසියම් සම්බන්ධයක් ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය අසත්‍යක් බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.

ප්‍රශ්නය – අපි දැක්කා කුඩු සම්බන්ධව ආණ්ඩුවේ යම්කිසි දායකත්වයක් තියෙනවා කියලා විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා ?

“ඔය අත් අඩංගුවට පත්වෙච්ච පුවක්දණ්ඩාවේ සනා කියන පුද්ගලයා ජාතික ජන බලවේගයට සම්බන්ධයක් තියෙනවා, ජනාධිපතිවරයා ඇවිල්ලා කෑම බීම ගත්තා, රැස්වීම්වලට සම්බන්ධ වුණා කියන එක, මේ කියපු කෙනා දිහා බලන්නකො. පහුගිය කාලෙ ලොන්ඩරි වැඩේ කරලා, ඩෝබි වැඩේ කරලා, අශූචි වලක ලැගලා ඉඳගෙන හොඳටම දන්නවා ගඳයි කියන එක හැබැයි රසයි කියලා කන කෙනෙක් මේ කතාව කිව්වෙ. ජාතික ජන බලවේගයට මේ කියන පුද්ගලයාත් එක්ක කිසි සම්බන්ධයක් නෑ. ඒ වගේම තමයි ජනාධිපති අනුර දිසානායක සහෝදරයා මේ දිස්ත්‍රික්කෙට ආපු වෙලාවේ ඒ නිවසෙන් කෑවා බිව්වා කියන කතන්දරයක් එයා ප්‍රකාශ කරනවා, අපි වගකීමෙන් කියනවා කිසිසේත්ම ඒ නිවසට ගිහිල්ලා නෑ. අපේ කිසිදු නායකයෙක් ඒ ගෙදරට ගිහිල්ලා නෑ. කිසිම දේශපාලන සම්බන්ධතාවයක් නැති තැනක්. ඒක නිසා මම විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා මොහුව අත් අඩංගුවට අරගෙන වහාම කට උත්තරයක් ගන්න, පරීක්ෂණයක් පවත්වන්න ජනාධිපතිවරයා හෝ ජාතික ජන බලවේගයේ නායකයෙක් ඒ නිවසට ගියාද, කෑම ගත්තාද, මොන දවසෙද, කොයි වෙලාවෙද කියන එක හරි පැහැදිලිව රටට කියන්න ඕනෙ”

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (03) හම්බන්තොටදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...