නිහඬතාවය බිඳ යළි හඬ නංවන LSR කළම්ඹු මැරතන් හෙට

0
115

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 04, කොළඹ LNW:

ලංකාවේ මලල ක්‍රීඩාව වෙනුවෙන් සංවිධානය වුණ එකම ජාත්‍යන්තර ඉසව්ව කළමුඹු මැරතන් තරගයයි.ශ්‍රී ලංකාවේ දුර දුවන විශාල පිරිසකට ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමුඛව ජාත්‍යන්තර අත්දැකිම් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ සිය දැණුම සහ අත්දැකීම් බෙදා ගැනීමටත්,තරගකාරීත්වය තුළින් සිය හැකියාවන් වැඩි දියුණු කර ගැනීමටත් ලැබෙන හොඳම අවස්ථාවක් හැටියට කළම්ඹු මැරතන් තරගය හැඳින්විය හැකිය.


ලංකා ස්පෝර්ට්රයිසන් (LSR) මූලීකත්වය ගනිමින් අඛණ්ඩව පවත්වාගෙන එන මේ තරගාවලිය ආණ්ඩුවක් ක්‍රීඩාවට කරන්න ඕනි වගකීමක් පෞද්ගලික ආයතනයක් විසින් ඉටු කිරීමක් ලෙස අපේ නිබඳ ඇගයීමට ලක් වූවකි.මෙහි ප්‍රධානියා තිලක් වීරසිංහය.ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකාවේ සිටි සුවිශේෂිම කෙටි දුර ධාවන සූරියක වන අරුණි වික්‍රමරත්නය.තිලක් ගේ ක්‍රීඩා හැකියාව සයුර සමඟ බැදුණ එකකි.හැබැයි මොවුන් ව්‍යාපාරික කේෂ්ත්‍රෙය් හමා ආ කුණාටුවලින් නොසැලී ඒවා වැඩි දියුණු කරන අතරේම ක්‍රීඩාව හරහා තමන් සමීප සංචාරක ව්‍යාපාර කේෂ්ත්‍රය හරහා ලංකාවට අන්තර්ජාතික අවධානය සහ කීර්තිය දිනා දෙන අතරේම විවිධ ජාත්‍යන්තර ඉසව් සංවිධානය කරමින් රටේ ක්‍රීඩාවද ඉහළට ඔසවන්නට කටයුතු කර ඇත.


මුල්ලේරියාව ප්‍රදේශයේ ඇල මාර්ග ඔස්සේ සැතපුම් ගණන් කැළණි ඟඟට පිහිනමින් ජල ක්‍රීඩාවට පෙම් බැඳි තිලක්,ඉතා වෙහෙසකර ගමණකින් පසුව අරුණිගේ ආදරයද සිය ව්‍යාපාරික අදහස්වලට සහය කරගෙන නැඟුණු සහ ඒ නැග්මේ ඉහළ තැන සිට පහතට නැමී ක්‍රීඩාවට නැඟෙන්නට අත දුන්න ව්‍යාපාරිකයෙකි.ඔහුගේ කුමන දේශපාලන සබඳතා සහ ලැබැඳියාවන් තිබුණ ද, ලංකා ස්පෝර්ට්රයිසන් (LSR) සහ තිලක් වීරසිංහ ඒ සියල්ල හැඳෙන්නට බැඳෙන්නට පෙර ලංකාවේ ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් කළ කැපවීම් සහ සංවිධානය කිරීම් වත්මන් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයාට ද රහසක් නොවන්නේ අරුණි සුගත්ට වඩා වසර කිහිපයක ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩිකාවක වන බැවිනි.


ඒ නිසා කුමන තත්ත්වයක වුව රටත්,රටේ ක්‍රීඩාවත් පෙරට රැඟෙන ගිය ලංකා ස්පෝර්ට්රයිසන් (LSR) ඉතිහාසය කිළිටි කරන්නට උත්සාහ නොකර මේ කාර්යය සාර්ථකව පවත්වාගෙන යාමට රජයේ සහය ද දෙමින් ලෝක මලල ක්‍රීඩා දින දසුනට ලංකාවෙන් එකතු වෙන එකම ජාත්‍යන්තර ඉසව්ව වන කළම්ඹු මැරතන් තරගාවලියට චිර ජීවනය දී අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍යය ආදරය රැකවරණය ආශිර්වාදය දෙන්නට නිරන්තරව අවධානය යොමු කළ යුතුය.