ජනාධිපති හිමිකම් ඉවත්කිරීම:මහින්දගේ වෙඩි නොවදින රථයත් යළි භාර දෙයි!

Date:

කොළඹ LNW:ජනාධිපති ලේකම්වරයාගේ දැනුවත් කිරීමට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා ලබාදී තිබූ වෙඩි නොවදින රථය යළි භාරදීමට කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයනේ කරුණු දක්වමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසා සිටියේ, ඊයේ (03) දිනයේ දී අදාළ සමාගම හරහා එම රථය භාරදීමට කටයුතු කළ බවයි.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ක්‍රියාත්මක වීමෙන් එලෙස ප්‍රතිපාදන කප්පාදුකර තිබේ.

එමෙනම් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරී ගමන් ගන්තා රථය ද භාරදීමට කටයුතු කළ බව මනෝජ් ගමගේ මහතා පවසයි.

කෙසේවෙතත් මෙම තත්ත්වය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය අවදානමකට ලක්ව ඇති බවද ඔහු සඳහන් කර ඇත.

ඒ අනුව ඉදිරි සතියේදී පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් හා ආරක්ෂක ප්‍රධානීන් හමුවී මහින්ද රජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය රථ යළි ලබාගැනිමේ ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද ගමගේ මහතා කියා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...