නියැන්ඩර්තාල් වෙනුවෙන් Svante Paabo ට නොබෙල් ත්‍යාගයක්!

Date:

නියැන්ඩර්තාල් යනු මීට වසර 40,000 කට පෙර වඳ වී යන තෙක් වසර සිය දහස් ගණනක් යුරෝපයේ විසූ වෙනම මානව විශේෂයකි.

මානසික හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ස්වීඩනයේ ස්වන්ටේ පාබෝ (Svante Paabo) වෙත හිමිව ඇත්තේ මානව පරිණාමය පිළිබඳ ඔහු කළ මහඟු පර්යේෂණයේ ප්‍රතිඵලයක් වශයෙනි.

කලින් සොයාගත නොහැකිව තිබූ ඥාතියෙකු වන ‘ඩෙනිසෝවාන්ස්’ සොයා ගැනීමේ අනුවේදනීය වික්‍රමය තුළින් වඳ වී ගිය නියැන්ඩර්තාල්වරුන් පිළිබඳ කළ නොහැකි කාර්යයක් ඔහු ඉටු කළ බව නොබෙල් ත්‍යාග කමිටුව මෙහිදී පවසා ඇත.

ඔහුගේ වැඩ කටයුතු අපගේ පරිණාමීය ඉතිහාසයට නැවුම් මුහුණුවරක් ලබා දෙමින් ඒ පිළිබඳ ගවේෂණය කිරීමට උපකාර වී තිබේ.

මෙම ස්වීඩන් ජාන විද්‍යාඥයාගේ තම කාර්යයට වඩා හදවතට සම්බන්ධ මූලික ප්‍රශ්න කිහිපයක් ඔහු ඉදිරිපත් කළේය. එනම් ;

අප පැමිණියේ කොහෙන්ද? අපගේ ඥාතීන් වඳ වී යන විට හෝමෝ සේපියන්ස්ලාගේ පැවැත්මට අප ඉඩ දුන්නේ කුමක් නිසා ද යන්න? මෙම පැනයන් අතර වේ.

1990 ගණන්වලදී, මානව ජාන කේතය සකස් කිරීම පිළිබඳ පර්යේෂණ වේගයෙන් සිදු වූ නමුත් එය ප්‍රාථමික DNA වල නැවුම් සාම්පල මත රඳා පැවතුන අතර ඉන් ඔබ්බට ‍යාමක් සිඳු නොවුණි.

මහාචාර්ය පාබෝ අපේ මුතුන් මිත්තන්ගෙන් පැරැණි, පිරිහුණු සහ නටඹුන් වූ ජානමය ද්‍රව්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ මුත් බොහෝ දෙනා සිතුවේ එය කළ නොහැකි අභියෝගයක් බවයි.

නමුත් වසර 40,000ක් පැරණි අස්ථි කැබැල්ලකින් DNA අනුක්‍රමණය කර්මින් සාර්ථක මඟකට අඩිතාලමක් දැමීමට ඔහුට ප්‍රථම වතාවට හැකි විය.

එම ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ යුරෝපයේ සහ බටහිර ආසියාවේ වැඩි වශයෙන් ජීවත් වූ නියැන්ඩර්තාල් මානවයන් – නූතන මානවයන් සහ චිම්පන්සියන් යන දෙඅංශයෙන්ම වෙනස් වූ කොට්ඨාශයක් බවයි.

ඔහුගේ කාර්යය හොමිනින්වරුන්ගේ පමණක් නොව, වඳ වී ගිය අපගේ මුතුන්මිත්තන් ද ඇතුළත් නූතන මිනිසුන්ගේ කණ්ඩායම් චක්‍රයම කෙරෙහි අවධානය යොමු කිරීමයි.

“සෑම ජීවමාන මනුෂ්‍යයෙක්ම වඳ වී ගිය හොමිනින්වරුන්ගෙන් වෙන්කර හඳුනා ගන්නා ජානමය වෙනස්කම් හෙළිදරව් කිරීමෙන්, ඔහුගේ සොයාගැනීම් අපව අද්විතීය මිනිසුන් බවට පත් කරමින් ඒ පිළිබඳ වැඩිදුර ගවේෂණය කිරීමට පදනම සපයන බව” නොබෙල් කමිටුව අවධාරණය කර සිටියි.

නියැන්ඩර්තාල්වරුන්ගේ DNA සහ ලොව පුරා සිටින මිනිසුන් අතර තවදුරටත් සංසන්දනය කිරීමේදී පෙන්නුම් කළේ ඔවුන්ගේ DNA යුරෝපයෙන් හෝ ආසියාවෙන් පැමිණෙන මිනිසුන්ට වඩාත් සමීප බවක් උසුලන බවයි.

වසර 70,000කට පමණ පෙර අප්‍රිකාවෙන් සංක්‍රමණය වීමෙන් පසු හෝමෝ සේපියන්ස්ලා නියැන්ඩර්තාල්වරුන් සමඟ ලිංගිකව හැසිරී ඇති බව මෙයින් නිගමනය කළ හැක.

එම පරිදි අදටත් එහි උරුමයක් වශයෙන් නූතන මානව DNA වලින් 1-4% අතර ප්‍රමාණයක් පැමිණෙන්නේ අපගේ නියැන්ඩර්තාල් මුතුන්මිත්තන්ගෙන් බව පැහැදිලි ය.

Nipuni Liyanage

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...