ඉන්ධන ඇනවුම් නොකර සිටීමට බෙදුම්කරුවන් තීරණය කරයි. නැවතත් පෝලිම් එයිද ?

Date:

අද (04) උදෑසන ඉන්ධන ඇනවුම් කිරීමෙන් වැළකී සිටීමට සියලුම බෙදුම්කරුවන් තීරණය කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න මහතා පවසයි.

“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් බෙදුම්කරුවන්ගෙන් ඔවුන් වෙත ගෙවා ඇති කොමිස් මුදලින් නැවත 45%ක් පමණ මාසික පරිහරණ ගාස්තුව වශයෙන් අයකිරීමක් සිද්ධ කරලා තියෙනවා. මෙම අයකිරීම කිසිම දැනුම් දීමකින් තොරව – අපට කලින් ඇත්තටම කළමනාකාර අධ්‍යක්ෂ තුමා තහවුරු කළා මේක දැනට අයකරන්නේ නැහැ කියලා – එහෙම තියෙද්දී සංස්ථාවේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය කළමනාකරු විසින් ඊයේ හවස 04.30 ට පමණ එම මුදල බෙදුම්කරුවන්ගේ ගිණුම්වලින් අය කරගෙන. එම අයකිරීමට විරෝධය පෑම සඳහා අද (04) දින ඉන්ධන ඇනවුම් කිරීමෙන් වැළකී සිටීමට සියලුම බෙදුම්කරුවන් තීරණය කරලා තියෙනවා. විසඳුමක් ලැබෙනතුරු, එම අය කරන ලද මුදල නැවත බෙදුම්කරුවන්ගේ ගිණුම්වලට ලබාදෙනතුරු නැවත ඉන්ධන ඇනවුම් කිරීමෙන් වැළකී සිටීමට තමයි තීරණය කරලා තියෙන්නෙ”

“ඇත්ත වශයෙන්ම පාරිභෝගිකයා තමයි පීඩාවට පත්වෙන්නෙ. මොකද අපි ඉන්ධන ඇනවුම් කිරීම නතර කළාම නැවත වතාවක් ලංකාව පුරාම දැඩි ඉන්ධන හිඟයක් ඇතිවෙනවා. ඉතින් ජනතාව එවැනි තත්වයකට ගෙනයන්නේ නැතිව සංස්ථාවේ බලධාරීන් ඉක්මනින් මේ තත්වය විසඳයි කියලා අපි බලාපොරොත්තු වෙන්නෙ”

කපිල නාඔටුන්න මහතා මේ බව පැවසුවේ අද (04) උදෑසන මාධ්‍ය වෙ ත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ රාත්‍රියේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව සිදුකෙරෙන බවත් නොමඟ යවනසුළු පුවත්වලට කලබල නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...

කෝටි 07ක් රජයට පාඩුකිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ඇමති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද (18) දින සබරගමුව...