විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

Date:

කදුකරයට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය ඊයේ (03) සිට වාන් දමන බව ජලාශය භාර වාරි ඉංජිනේරුවන් පවසති.

විමලසුරේන්ද්‍ර.ලක්ෂපාන .නව ලක්ෂපාන .කැණියෝන් හා පොල්පිටිය 

 යන ජල විදුලිය බලාගාර උපරිම ධාරිතාවට විදුලිය නිෂ්පාදනය කිරිමේ කටයුතු සිදු කරමින් තිබිය දී ත් මේ ආකාරයෙන් වාන් දැමීම සිදුවන අතර පසුගිය දින කීපයක සිට ප්‍රදේශයට පවතින අධික වැසි තත්ත්වය මීට හේතු වී තිබේ.

ලංකා විදුලිය බල මණ්ඩලය සතු මෙම ජලාශය වැසි සහිත තත්ත්වය හමුවේ වාන් දමන අතර එම හේතුව නිසා කැලණි ගගේ ජල මට්ටම ද ඉහල යාම සැඩ පහර තරමක් සැර වී තිබෙන අයුරු දක්නට ලැබින.මෙම තත්ත්වය නිසා කැලණි ගගේ ජලය හා විවිධ කටයුතු සදහා ගංගාව පරිහරණය කරන ජනතාව ආරක්ෂාකාරි වන ලෙස ආපදා කළමණාකරණ එකකය ජනතාවට දැනුම් දෙනු ඇත.

ක්‍රිෂාන්තන් 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...

අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්‌!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...