තවමත් ක්‍රියාත්මක වන්නේ දූෂිත පවුල් පාලනයක්. IMF දෙවැනි වාරිකය නොලැබුණේ ඒකයි – සජිත් (VIDEO)

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකමට අදාළ ගිවිසුමට අනුව දෙවැනි ණය වාරිකය සම්බන්ධ ප්‍රගති සමාලෝචන සාකච්ඡා නිසි තීරණයකින් තොරව අවසන් වී ඇති බවත් එම වැඩපිළිවෙළ නිසි කාර්යක්ෂමතාවකින් යුතුව සම්පූර්ණ කිරීමට රජය අපොහොසත් වී ඇති නිසා එම දෙවැනි වාරිකය ලබා දෙන නිශ්චිත දිනයක් දන්වා නොමැති බවත් ඒ සදහා ශ්‍රී ලංකා රජය විසින් ආදායම් ඉලක්ක සපුරා ගැනීමත් දුෂණ වංචා වැළැක්වීමට අදාළ රාජ්‍ය පාලනයට සම්බන්ධ ඉලක්ක සපුරා ගැනීම සිදු කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කවරේද කියා විමසා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

IMF එක විසින් ලබා දුන් පරිපාලන දෝෂ විනිශ්චය වාර්තාවට අනුව මේ රටේ දූෂණය ඉහවහා ගොස් ඇති බව සුලු ප්‍රභූ පවුල් ප්‍රමාණයක් අතර බලය කේන්ද්‍ර ගත වීම, මහජන දේපල අවභාවිතය තුළ දූෂිත පවුල් පාලනය තුල රට බංකොලාත් වී ඇති බවත් තවමත් මේ රටේ ක්‍රියාත්මක වන්නේ දූෂිත පවුල් පාලනයේ දිගුවක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ අයි. එම්. එෆ් ගිවිසුමේ දෙවැනි වාරිකය නොලැබීම සම්බන්දයෙන් රජයෙන් ප්‍රශ්න කරමිනි.

IMF වාර්තාවට අනුව සුබසාධනය කඩා වැටීම, දූෂණ විරෝධී වැඩපිළිවෙළක් නොමැති කම හා නීතියේ ආධිපත්‍ය කඩා වැටීම සිදුව ඇති බවත් ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය පවා දුර්වල වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

IMF එකේ කොන්දේසි, ඉටු කළ කොන්දේසි හා පැහැර හරින ලද කොන්දේසි කවරේද කියා විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය වෘත්තිකයන්ගෙන් ඉහළ බදු ප්‍රමාණයක් අය කරමින් සිටින බවත් ඉන්දන, ජලය සහ විදුලි ගාස්තු දිගින් දිගටම ඉහළ නංවමින් සිටින බවත් මේ සියල්ල සිදු කරන්නේ රාජ්‍ය ආදායම වැඩ කර ගැනීමේ අරමුණින් වුවත් මත්පැන් නිෂ්පාදන ආයතන 2ක් බිලියන 1.7ක බදු පැහැර හැරීම් සිදු කර ඇති බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...

නිවාස ආධාරය ගන්න නිර්දේශය දෙන්න 50,000ක් ඉල්ලලා. තවත් රජයේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

කොළඹ LNW: ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික)...

කලින්ම ජීවිතයට සමු දුන් හිටපු බොක්සිං ලෝක ශූර  Ricky Hatton!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු බොක්සිං ලෝක...