*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

ඕස්ට්‍රේලියාවට දිනන්න තියෙන හැකියාව සියයට පනහයි

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 05, (LNW) කොළඹ :

වෙන ලෝක කුසලාන තරගාවලිවලට වඩා මෙවර තරගාවලිය සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්ය.සමහර විට ලෝක කුසලානය ශ්‍රී ලංකාව රැඟෙන යන්න පුළුවන්.මේ විදිහට සෑම කණ්ඩායමක්ම සිතන්නේය.ඒ සිතන බව ශ්‍රී ලංකා කණ්ඩායම ද දන්නේය.එය විටෙක පීඩනයක්ය.තවත් විටෙක අධි විශ්වාසය සහිත ඕනෑවට වඩා සැහැල්ලුවීමක් ද එයින් සිඳු විය හැකිය.

පකිස්තානය පන්දුවට පහර දෙන විට එහි අවසාන භාගයේ දී තරගය මැද ඇති වුණ විශ්වාසය මත ශ්‍රී ලංකා කණ්ඩායම සැහැල්ලු වුණා.එසේම ඒ සැහැල්ල්ව පහසුවක් කරගෙන පන්දුවට පහර දෙන්න පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු කිහිපයක් ඇද වැටෙන කොට ඔවුන් මේ දක්වා අත්පත් කර ගෙන කීර්තිය අහිමි වී යන පීඩනය විසින් වෙලා ගත්තා.එයින් ගොඩ එන්න අවශ්‍යය සංයමය සහ සැළසුම වෙනුවට ශ්‍රී ලංකාව ඉවසීම පසෙක තබා පකිස්තානයට පැරදීමෙන් තමන්ට අවමානයක් ඇති වේය යන හැඟීමෙන් පීඩා විඳ අනවශ්‍යය මානසිකත්වයක් නිර්මාණය කරගත් බව පැහැදිළිව පෙනෙන්න තිබුණා.

මේ තත්ත්වය ශ්‍රී ලංකාවට අලුත් පාඩමක් වුණා.ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් වුණානම් ඔස්ට්‍රේලියාව කියන්නෙ ශ්‍රී ලංකාවට ලෝක සූර කණ්ඩායමක් නෙමෙයි.ලෝක සූරතාවලියෙ හමුවන එකම කණ්ඩායමක්.ඒ මානසිකත්වය හොඳයි.හැබැයි අධි විශ්වාසය සහ දැඩි විශ්වාසය කියන්නෙ එකම අරුතකින් භාවිතා වෙන වචන නෙමෙයි.මේ වචන නිරවුල්ව මනසින් සහ සිරුරෙන් විඳ පිටිය තුළ ක්‍රියාත්මක ක්‍රියා පදයක් කිරීම අත්‍යවශ්‍යය කාරණයක්.

අද දවස වෙනම දවසක්.පකිස්තානය පරාජය කරන්න බැරි වීම ගැන සිතේ ඇති වුණ අවුල වැලි කඩදාසියක් දාලා කපලා දැම්මා වගෙ අලුත් මතුපිටක් හැම කෙනෙක්ගෙම හිත්වල තියෙන්න ඕනි.සරලවම කිව්වොත් අද අලුත් දවසක්.

රුමේෂ් රත්නායක කියන්නෙ පීඩාකාරී පුහුණුකරුවෙක් නෙමෙයි.ඔහු ක්‍රීඩිකාවන්ව නිර්මාණය කළේම ඔවුන්ට ඔවුන් ගැන විශ්වාසය ඇති කිරිමෙන්.මේ වන විට ලෝකයේ ඉන්න හොඳම ආක්‍රමණශීලී කණ්ඩායමත අනන්‍යතාවය තියාගෙන තමයි ශ්‍රී ලංකාව මේ ලෝක කුසලානය ඇතුළෙ ඉන්නෙ.ඒ අනන්‍යතාවයට තව හොඳට සංයමය,විශ්වාසය කළවම් කරගෙන,හයේ හතරේ පහරවල් ගැන වගේම කෙටි ලකුණු වගේම පිතිකරණ තාක්ෂණයේ හිදැස් සොයා ලකුණු සොයා ගැනීමේ ක්‍රමවේදයද දැඩිව ආරක්ෂා කළ හැකිනම් තත්ත්වය නරක් වෙන්නෙ නැහැ.

කාලයක් කණ්ඩායම කැඳවා නොතිබුණු ඉනෝකා රණවීර මේ සංචාරයට එකතු කර ගත්තු අරමුණ පැහැදිළි නැහැ.විශේෂයෙන්ම ලෝකයේම අවධානය දිනාගෙන සිටි ඇය කණ්ඩායමේ එකොළහට නැහැ වගේම මේ වන විට ලෝක අවධානයට පත් වෙලා ඉන්න ඉනෝෂි ප්‍රියදර්ශනීත් පකිස්තාන තරගයේ දී හොඳින් භාවතා කරා ද කියන ගැටළුව තිබෙනවා.අද මේ තත්ත්වය ගැන අවධානය යොමු කර සචිනි නිසංසලා වෙනුවට ඉනෝකා කණ්ඩායමට කැඳවීම වැදගත් වෙයි.

එසේම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙනවානම් චමරි අංක තුනට බැස ඉණිම ආරම්භ කිරීමේ වගකීම විශ්මිට සහ හර්ෂිතාට පැවරීම වැදගත් වෙයි.ඕසට්‍රේලියාව කියන්නෙ පරාජය කරන්න බැරි කණ්ඩායමක් නොවන බවයි විශ්වාසයට ගත යුතු ප්‍රදානම කාරණය.ඔවුන්ට අභියෝග කරන්න ලැබෙන සියයට 50 ට වැඩි සියලු අවස්ථාවන් සියයට සියයක් කරගන්න අතිරේක ශක්තියක් හැටියට සිය හැකියාව කළමණාකරනය කිරිමත් මේ වැඩේදි වැදගත් වෙනවා. එහෙම වෙනවනම් ඕස්ට්‍රේලියාව කියන්නෙ ශ්‍රී ලංකාවට පරාජය කරන්න බැරි කණ්ඩායමක් නෙමෙයි.තරගයට පෙර විවිධ සංඛ්‍යා දත්ත සමඟ කණ්ඩායම් දෙකට ජයග්‍රහණයට ඇති ඉඩ ප්‍රතිශත වශයෙන් දක්වාවි.ඒත් ඇත්ත තරගයට පෙර තරගය දිනන්න කණ්ඩායම් දෙකටම තියෙන අවස්ථාව සියයට 50 ක් බවයි.ඒ දවස,ඒ මොහොත තුළ කණ්ඩායමක් හැසිරෙන ආකාරය අනුව ඒ ප්‍රතිශතය වැඩි වෙනවා – අඩු වෙනවා.

අද දවසේ තරගය ඇරඹීමෙන් පසුව ප්‍රතිශතය වැඩි වෙන්නෙ ශ්‍රී ලංකා කණ්ඩායමේ බවට අපි විශ්වාසයෙන් බලා ඉමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan