සටහන – රුවන් නෙළුගොල්ල
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබේ.
එහි හිටපු අධ්යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විශ්‍රාම ගැනීමෙන් පසු මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්. සේවා දිගුවක් මත සේවයෙහි නියුතුව සිටි සලේ මහතා ඊයේ (04) දිනයේ සිට විශ්‍රාම යන බව දැනුම් දී ඇති බව වාර්තා විය.
ඒ අනුව, නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා සඳුදා (07) දිනයේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා ලෙස වැඩභාර ගැනීමට නියමිත බවත් වාර්තා විය.