පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සියලු වෙළුම් ජනගත කරන්න!

Date:

කොළඹ LNW:2019 පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ සියලු වෙළුම් ජනගත කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා ඉල්ලීමක් කළහ.

පියතුමන් මෙම ඉල්ලීම කළේ පාස්කු ප්‍රහාරයට අදාළව නව රජයෙන් කරන විමර්ශන සඳහා යෝජනා භාර දීමට ජනාධිපති ලේකම් කාර්යාලයට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම යෝජනා භාර දීම ඊයේ (04) දින සිදුකෙරුණි.

ඒ අනුව රොහාන් සිල්වා පියතුමා පවසන්නේ එම ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකරන ලද තවත් විමර්ශන වාර්තා තිබෙන අතර සියලුම වාර්තා ජනගත කිරීම අවශ්‍ය බවයි. ඒවා ජනතාව දැනගත යුතු බව පියතුමා අවධාරණය කළහ.

මේ අතර විමර්ශනවලදී චෝදනා එල්ල වී සිටින ඇතැම් ඉහළ නිලධාරීන් තවමත් ඒ පුටුවලම රැඳී සිටින හෙයින් ඔවුන් එම තනතුරුවලින් ඉවත් කරන ලෙසත් එසේ නොවන තත්ත්වයක පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවේයැයි විශ්වාස කළ නොහැකි බවත් රොහාන් සිල්වා පියතුමා ප්‍රකාශ කළහ.

එමෙන්ම ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ සියලු නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසද පියතුමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...