උඩ අයට හරියට නොපෙණෙන පයේ හැපෙන මැණිකක්

0
119

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 05, කොළඹ LNW:

ජනනි ධනංජනී වික්‍රමසිංහ තමයි අනාගතයට ලංකාවේ පැරා මලල ක්‍රීඩාව පාහන පුරුක තවමත් පාසල් වියේ ඉන්න ජනනිගේ මේ ඉදිරිපත්වීම විවිධ ශාරිරික වෙනස්කම් සහිත පාසල් දරුවන් ක්‍රීඩාවට දක්වන කැලෑටි ගතිය ඉවත් කර ඔවුන්ගේ අභිප්‍රේරණය සඳහා භාවිතා කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් තිබුණත්,බරපතල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන ප්‍රතිසංස්කරණවේදීන්ට ඊට ගෞරවයක් ඇති කිරිම පිණිස එළිය හැකි ජනනි වැනි උදාහරණ පාවඩ පෙනෙන්නේ නැහැ.


ඉතාම අභිමානනීය උදාහරණ සහිතව,වෙනස් අවශ්‍යයතා සහිත පාසල් දරුවන්ට පෙන්වා දිය හැකි මලල ක්‍රීඩිකාවක් වන ජනනි මේ මොහොතේ ඉන්දියාවේ ක්‍රියාත්මක ලෝක පැරා මලල ක්‍රීඩා සූරතාවලියේදි ඇය සහභාගි වූ ඉසව් දෙකම නිමාවට පත් කළේ එම ඉසව්වල හොඳස පෞද්ගලික දක්ෂතාවය ප්‍රදර්ශනය කරමින්.මේ දක්ෂතාවයන් හී ගෞරවය යා යුතු වන්නේ ඇයගේ තරගවැදිම් ආරක්ෂා කරන්න සහ නඩත්තු කරන්න ලැබෙන ස්ථාවර නොවූ අනුග්‍රහයන්ට සහ ඇය වටා සිටින පවුලේ ඥාතීක්ට සහ සහෘදයන්ටයි.එසේම ඇයගේ දක්ෂතාවල සෙවනැල්ලක්ව සිටින පුහුණුකරු නලින්ද සෙනරත් ද මේ ජයග්‍රාහී මොහොතවල් නිර්මාණය කරන්නට දරන වෑයම සුළු නැහැ.


ඉන්දික මෙන්ම ප්‍රදීප් දිනන ලද පදක්කම් තරමටම ජනනිගේ දක්ෂතාවය වටිනවා.ඒ ඇයට තව ඉදිරියට මේ ක්‍රීඩාව තුළ රැදී ඉන්න තියෙන කාලය විශාල නිසයි.අපහසුතා ලෙස දුබලතා මිනිස්සුන්ට තමන් ගැන දැනෙන්නේ සහ ඊට ලැබිය යුතු හොඳම දේ අනුකම්පාව ලෙස සිතන සමාජ සිතුවිලි පරම්පරාවන්වලට තිත තබන්නටනම් මේ මොහොතෙ ජනනි හොඳ ආයෝජනයක්.සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා වැනි ක්‍රීඩා උළෙලක කැපී පෙනෙන තරුවක් කරන්නට,ඔලිම්පික් පහන දල්වන්න යොදාගන්න ජනනි වැනි පැරා ක්‍රීඩිකාවකට අවස්ථාවක් ලැබෙනවනම්,තිබුණ අධ්‍යාපන ප්‍රතිපත්තිවල වැට මායිම් බිඳ දැමීමක් වන්නේ ඒ තත්ත්වයන් බව අපේනම් අදහසයි.


සැමට සමාන අවස්ථා තිබිය යුතු වුව ද ජනනි වැනි ක්‍රීඩිකාවන්ට ලෝකය සමඟ ගැටෙන්නට ලැබෙන අවස්ථාවන් දුලබයි.ඒ නිසාම තමයි පැරා ක්‍රීඩාවන් හි ජයග්‍රහණ දුලබ.තවමත් පාසල් සිසුවියක් වන ජනනිටත් ශිෂ්‍යත්වයක්ට සුදුසු ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමඟ ජීවිතයේ හෙට වෙනස් කර ගන්නට ඇති මාවත් ලෝකය තුළ ඇති.ඒ ගැනත් හොයන්න අනාබාධිත බව පෙනෙන්න තිබෙන ක්‍රීඩා බලධාරීන්ට හැඟීමක් දැනෙන්න ඕනි.දැණුම සහ සංවේදීතාව අතර සහසම්බන්ධයකින් හිතන පරිපාලන පරම්පරාවක් ක්‍රීඩාව සම්බන්ධයෙන් නිර්මාණය කළ හැකිනම්,අධ්‍යාපනය සම්බන්ධයෙන් නිර්මාණය වෙනවානම් ලංකාවේ පැරා මලල ක්‍රීඩාව ජනනිලා වැනි කිහිප දෙනෙකුගෙන් යැපෙන්නේ නැති ඉහළ තරගකාරී වටපිටාවක් සහිත තැනක් බවට පත් කළ හැකියි.ජනනි ඊට හොඳම ආයෝජනයයි.
එහෙත් දැන් ඇය කණාගේ පයේ වඳින මැණිකක් වගෙයි,යන කියමනට සාක්ෂි උදාහරණ සපයන්නියක් පමණයි.
(දෘශ්‍යාබාධිතයන්ට කණා යැයි භාවිතයට එකහෙළාම විරුද්ධ අතර එම වචනය උදාහරණයට ගත්තේ කියමනකින් උපුටා දක්වන්නටයි.)