බැකෝ සමන්ගේ මස්සිනාට රැදවුම් නියෝග!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05 ,කොළඹ LNW :

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගෙන් හෙළි වු තොරතුරු මත අත්අඩංගුවට ගත් ඔහුගේ මස්සිනා දින 07ක් රඳවා තබා ගෙන විමර්ශනය කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබෙන බව වාර්තා වේ.

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු දින 07ක රැදවුම් නියෝග මත රඳවා තබා ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී ඇති බව පොලීසිය සඳහන් කරයි.

විදෙස් ගතව සිටියදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න නොහොත් ‘බැකෝ සමන්’ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවු තොරතුරු මත ඔහුගේ මස්සිනා පසුගියදා  පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, එහිදි සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය සහ මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨසය වෙත භාරදී තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි මිද්දෙණිය වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ ප්‍රදේශයේ සඟවා තිබූ පිස්තොල් අවියක්, පතරොම් 01ක් සහ හෙරොයින් ග්‍රෑම් 550ක් සොයා ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...