*
Friday, March 29, 2024
spot_img

Latest Posts

විසිදෙක පරාජය කළ යුතුයි – මහාචාර්ය නලින් ද සිල්වා

පොහොට්ටුව රනිල් පත්කර ගත්තේ පළමුව පරගලය පරාජය කිරීමට හා ආර්ථික අර්බුදය ජය ගැනීමට විය යුතුයි. පරගලය පරාජය කිරීම නම් ඔහු කර තියෙනවා. එහෙත් ඔහුට ආර්ථික අර්බුදය ජයගන්න බැහැ. ගෝඨාභය කළ යුතුව තිබුණේ පරගලය පරාජය කිරීමෙන් පසු රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමයි. වජිර ධර්මවර්ධන වැන්නන් මොන පුරසාරම් දෙඩුවත් රනිල්ට බටහිර රටවලින් ආධාර තියා ණයවත් ගන්න බැහැ, විවිධ බටහිර රටවල් වරින් වර ඩොලර් මිලියන කිහිපයක් ණයට දෙන්න පුළුවන්. ඒත් එය කිසිසේත් ම ප්‍රමාණවත් නැහැ.

ජාමුල දෙන බිලියන හතරකට කිට්ටු ගාණත් දෙන්නෙ අවුරුදු හතරකට, ඒ මදිවට කොන්දේසි දාල. කොහොමටත් ආණ්ඩුව ණය ගැනීම මිස ණය ගෙවීම ගැන හිතන්නෙ නැහැ. ජාමූල සමග තවම ගිවිසුමක් අත්සන් කරල නැහෑ කියල ආණ්ඩුව කියනවා. තවම ඇත්තේ කෙටුම්පතක් පමණයි කියල ආණ්ඩුව කියනවා. ඒ කෙටුම්පත ගැන අපට ඇත්තෙ සැකයක්. මා හිතන්නෙ ගිවිසුම අත්සන් කරන්න ඉස්සෙල්ල කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සාකච්ඡා කරන එක හොඳයි කියල. එහෙම සම්ප්‍රදායක් නැහැ කියල ආණ්ඩුව කියන්න පුළුවන්. අප දැන් ඉන්නෙ අලුතෙන් සම්ප්‍රදාය ඇතිකර ගන්න ඕන කාලෙක.

බටහිර හා ඉන්දියාව බලන්නෙ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් තොණ්ඩුව තව තවත් තද කරන්න. ආණ්ඩුව පළමුවෙන් කරන්න ඕන ආර්ථික අර්බුදය ජය ගැනීම. ආණ්ඩුව ඒ වෙනුවට දේශපාලනය ස්ථාවර කරන්න කියමින් ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරනවා. සමහර විට ආණ්ඩුව කියාවි බටහිර රටවල් ණය දීම සඳහා දේශපාලන ස්ථාවරභාවය අපේක්‍ෂා කරනව කියල. ඒත් අද රට පුරා පැවැත්වූ ජනපතිවරණයකින් පසුව නොවුණත් ව්‍යවස්ථානුකූල ව පත් වූ ජනාධිපතිවරයකු ඉන්නවා. අගමැති ඉන්නවා ඇමතිවරු ඉන්නවා, පාර්ලිමේන්තුව අකර්මණ්‍ය වෙලා නැහැ. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය අර්බුදයකින් තොරව පවත්වාගෙන යනවා. හෙට අනිද්දා ගේන ව්‍යවස්ථා සංශෝධනයෙන් අමුතුවෙන් ඇති වෙන දේශපාලන ස්ථාවරත්වය මොකක් ද?

මේ සියල්ල අතර විජයදාස රාජපක්‍ෂ හා රනිල් තව තවත් දේ මේ සංශෝධනය මගින් කර ගන්න බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුවට මේ වෙලාවෙ වැදගත් ම දෙමළ ජාතික සංවිධානයේ ඡන්ද. ඒ ඡන්ද හා හකීම්ගෙ මුස්ලිම් සංධානයෙ ඡන්ද ලබා ගැනීම සඳහා ආණ්ඩුව කාරක සභා අවස්ථාවෙදි ඇතැම් යෝජනා ගෙන එන බවට ආරංචි පැතිර ගිහින් තියෙනවා. උදාහරණයක් වශයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ දී මහා ඇමතිගෙන් විමසිය යුතු ය යන්න එකක්.

ඒ යෝජනාව විධායකයේ බලතල අහිමි කර ගැනීමක් හැටියට දකින්න පුළුවන්. රනිල් දෙමළ ජාතිවාදීන් සතුටු කිරීමට විධායක බලතල අඩු කර ගැනීමට වුවත් සූදානම්. පළාත් ආණ්ඩුකාරවරු කියන්නෙ විධායක ජනාධිපතිගෙ නියෝජීතයන්. ඔවුන් පෙනී සිටින්නෙ විධායක ජනාධිපති වෙනුවෙන්. ඒ ආණ්ඩුකාරවරුන් පත් කිරීම තනිකර ම විධායක ජනාධිපතිගෙ කාර්යයක්. එහි දී විධායක ජනාධිපති මහා ඇමතිලගෙන් විමසන්න යෑම ව්‍යවස්ථාවේ සඳහන් ජනතාවගේ විධායක පරමාධිපත්‍යය හෑල්ලු කිරීමක්.

මතක තබා ගත යුතු කාරණය තමයි විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලතල ඇත්තේ රටේ ජනතාව ලෙස හඳුන්වන ඡන්දදායකයන්ට බව. ජනතාව තම පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ ආයතන යොදා ගන්නවා. ජනාධිපති හා පාර්ලිමේන්තුව ඒ සඳහා පත්කර ගත් ආයතන. පාර්ලිමේන්තුවටවත් හිතු මනාපෙට ජනතාවගෙ විධායක බලතල හෑල්ලු කරන්න බැහැ. මෙය උදාහරණයක් පමණයි.

විසිදෙක කෙටුම්පත ගෑසට් මගින් ප්‍රසිද්ධ කරල ඒ ගෑන අධිකරණය තින්දුවක් දීල තියෙන්නෙ. විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය එකිනෙකට බැඳිල. ව්‍යවස්ථාදායකයෙන් සම්මත කෙරෙන පනත් කෙටුම්පත් ව්‍යවස්ථාවට එකඟ ද නැද්ද යන්න තීරණය කරන්නෙ අධිකරණය. එහෙත් අපේ ව්‍යවස්ථාවෙ තියෙන එක දුර්වලකමක් තමයි කාරක සභා අවස්ථාවෙ ගෙනැවිත් සම්මත කර ගන්න යෝජනා ව්‍යවස්ථාවට එකඟ ද නැද්ද යන්න සලකා බැලීමට අධිකරණයට නොහැකිවීම.

අප දුටුවා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ දී විජයදාස රාජපක්‍ෂ හා පිරිස මේ ඉඩකඩ යොදා ගෙන විවිධ යෝජනා සම්මත කර ගත් ආකාරය. මා හිතන්නේ මුලින් ම මේ ඉඩකඩ අහුරන්න ඕන කියල. වෙන කිසිම ව්‍යවස්ථා සංශෝධනයකට පළමුව ඒ සඳහා පමණක් ව්‍යවස්ථා සංශොධනයක් ගෙන එන්න ඕන. කළ යුත්තේ කාරක සභා අවස්ථාවේ දී සම්මත කර ගන්නා යෝජනා කෙටුම් පත් පනතට කතානායක හරි වෙන කවුරු හරි අත්සන් කර පනත නීතිගත කිරීමට පෙර අධිකරණයට යොමු කිරීමට අවස්ථාවක් ලබා දීමයි. එයට හේතුව කාරක සභා අවස්ථාවේ දී සම්මත කර ගත් යෝජනා ව්‍යවස්ථාවට පටහැණි ද නැද්ද යන්න තීරණය කිරීම අධිකරණයට හැර වෙනත් ආයතනයකට පුද්ගලයකුට තීරණය කිරීමට නොහැකිවීමයි. අධිකරණ ඇමති ඒ යෝජනා ව්‍යවස්ථාවට පටහැණි නොවේ යැයි කියන්න පුළුවන්. එහෙත් ඇමතිවරයකුගේ වුවත් එය පුද්ගලයකුගේ මතයක් පමණයි.

විසිදෙකට කාරක සභා අවස්ථාවේ දී ගෙනෙන සෑම යෝජනාවක් ම පරාජය කළ යුතු වෙනවා. එසේ කළ යුත්තේ ඒ යෝජනා ව්‍යවස්ථාවට එකඟ ද නැද්ද යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තුවටවත් අධිකරණ ඇමතිවටවත් කතානායකටවත් වෙනත් කිසිවකුටවත් නො හැකි නිසා. අධිකරණයට යෑමට අවස්ථාව සලසන තෙක් සෑම ව්‍යවස්ථා සංශෝධනයක දී ම එසේ කළ යුතු වෙනවා.

කොහොමටත් මේ මා සඳහන් කළ ව්‍යවස්ථා සංශෝධනයට හැර වෙනත් ව්‍යවස්ථා සංශෝධන සඳහා අවස්ථාව නො වෙයි. පළමුව ආර්ථික අර්බුදය ජය ගත යුතුයි. එබැවින් අද කළ යුතු හොඳ ම කාර්යය විසිදෙක පරාජය කිරීමයි.

  • kalaya.org

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan