*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

කේබල් කාර් ව්‍යාපෘතියට කණ කොකා හැඬලීමේ රහස මධුර හෙළි කරයි !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2021 වසරේ සිට විසඳුම් නොමැති ගටලුවක සිරවී සිටින ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියාමන අනුමැතිය ලබා ගැනීමේදී යළිත් ගැටලුවකට මුහුණ දී තිබේ.

කිකිළියාමාන කන්දේ පර්චස් 150ක් කිසිදු හේතුවක් නොමැතිව මුදා හැරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙකු අවසර ලබා නොදීම හේතුවෙන් නානුඔයේ සිට නුවරඑළිය දක්වා යෝජිත කේබල් කාර් මාර්ගය නවතා දමා ඇති බව තොරතුරු වාර්තා වේ.

2018 සහ 2021 වසරවල මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර තිබුණද මේ හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කියා සිටියේය. සංවේදී කලාපයක් බව පවසමින් අදාළ ඉඩම් කැබැල්ල නිදහස් කිරීමට අදාළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා දිගින් දිගටම අවසර ප්‍රතික්ෂේප කර ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

විශාල වනාන්තර ප්‍රදේශයක් එළි පෙහෙළි කර කඳුකරයේ දුරකථන කුළුණු පිහිටුවා ඇති බව දැක තිබෙන බවත්, ව්‍යාපෘති වාර්තාව අධ්‍යයනය කළ නමුත් පරිසරයද ආරක්ෂා වන පරිදි ව්‍යාපෘතිය නිසි ලෙස සකස් කර ඇති බව තමාට අවබෝධ වූ බවද ඔහු පවසයි.

මෙම ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ආයෝජනයක් බවත් එවැනි ආයෝජන නතර කිරීම රටට විශාල පාඩුවක් බවත් ඔහු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය 2023 මැයි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික මැදිහත්වීමෙන් ඉදිරියට යාමට අවශ්‍ය අනුමැතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා ලද නමුත් , වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියකු නීතිය අතට ගෙන එය යළි අවහිර කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන මහතා කීවේය.

Outdoor Engineering Lanka (Pvt) Ltd හි ව්‍යාතියක් වන මෙම ව්‍යාපෘතිය 2021 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් මේ සඳහා පහසුකම් සපයා ඇත.

මෙම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා නුවරඑළිය ප්‍රදේශයෙන් වසර 30ක බදු පදනම මත ඉඩම් ලබාදී ඇති අතර, නානුඔය සහ නුවරඑළිය නගරය යා කරමින් කිලෝමීටර් 4ක් දිග කේබල් කාර් මාර්ගය ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 55ක සම්පූර්ණ ප්‍රාග්ධන ආයෝජනයක් යෙදවිය යුතුය.

මධුර විතානගේ මහතා පවසන පරිදි මාස 18 කින් නිම කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වී ඇත්තේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ දේශපාලන මතිමතාන්තර මත වූ මැදිහත් වීම නිසා බවයි.

මෙම ආයෝජකයා විසින් මෙම කේබල් කාර් ආයෝජන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට සහ තායිලන්තයට එකවර ගෙන ආවේ 2019 වසරේදී වුවත්, මෙම කේබල් කාර් ව්‍යාපෘතිය දැනටමත් තායිලන්තයේ ක්‍රියාත්මක වන නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි රජයේ දෙපාර්තමේන්තු වල ඇතැම් තනි තනි නිලධාරීන්ගේ මැදිහත් වීම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ එය තවමත් ආරම්භ වී නොමැති බව ද විතානගේ මහතා පවසයි.

යම් දේශපාලන මතිමතාන්තරවලින් පෙළඹී සිටින ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ මෙවැනි නොසැලකිලිමත් හැසිරීම් නිසා ශ්‍රී ලංකාව සෘජු විදේශ ආයෝජන (FDIs) පවා මෙරටට ගෙන්වා ගැනීම ඇන හිට ඇති බවද ඔහු පවසයි.

මේ කේබල් කාර් ව්‍යාපෘතිය මෙච්චර කල් නතර කළේ මහාමාර්ග ව්‍යාපෘතියට බාධා කරපු වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියගේම මැදිහත්වීම නිසයි,” ඔහු අවසන් වරටද කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan