ඇමෙරිකානු සාම ආයතනය හා විදේශ ඇමති සබ්‍රි අතර කතිකාවක්

Date:

(අශෝක ජයතුංග ඇමෙරිකාවේ වොෂින්ටන් DC සිට)

ශ්‍රී ලංකා විදේශ ඇමති අලි සබ්‍රි මහතා හා ඇමෙරිකානු සාම ආයතනය (USIP) අතර බුද්ධිමය සංවාදයක් පසුගියදා වොෂින්ටන් DC හි එම මූලස්ථානයේදී පැවැත්වින.

වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා එය සමිබන්ධීකරණය කළේය.

එම ආයතනයේ ප්‍රධාන විධායක ලීසා ග්‍රැන්ඩේ මහත්මිය විසින් ඇමතිවරයා පිළිගත් අතර ද: ආසියානු වැඩසටහන් අධ්‍යක්ෂ තමාන් ගාලි සංවාදය මෙහෙයවීය. ද: ආසියාවට අදාළ නි: සහකාර ලේකම් හා ආරක්ෂක, ජාත්‍යන්තර කටයුතු කාර්යාලයේ අෆ්‍රින් අක්තර් විසින් දෙරට අතර වසර 75  ක සබඳතාව ගැන විස්තර කළේය.

ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ දේශපාලන ආර්ථික පසුබිම හා ඉදිරි සැලසුම් ගැන ඇමති සබ්‍රි විස්තර කල අතර ප්‍රේක්ෂක ප්‍රශ්න වලට ද පිළිතුරු ලබා දුන්නේය. දෙරට අතර සබදතා තවත් වර්ධනය කිරීමට ලංකාවට ඇති කැමැත්ත ද ඇමතිවරයා අවධාරණය කළේය.

USIP යනු ගැටුම් වලින් තොර ලෝක සාමය  හා ඇමෙරිකාව මෙන්ම ගෝලීය ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින හා ක්‍රියාකරන ස්වාධීන ආයතනයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...