කිඹුල් ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේදී මොර ඔයෙන් එගොඩවීමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගැමුණුපුර, පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග පෙරේදා (04) සවස මොර ඔයෙන් එගොඩ වී රංජිත් මංකඩ ප්‍රදේශයේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර නිවසේ තිබූ මස් රැගෙන ඒම සඳහා නැවත ඔයෙන් මෙගොඩ වීමට යාමේදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ.

ඔහුගේ මෘත දේහයේ කොටසක් කිඹුලා විසින් කා දමා ඇතැයි දැකගැනීමට ලැබුණු බවයි පොලීසිය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...