මාලිමාව විකුණා කප්පම් ගන්නා කල්ලියක් ගැන තොරතුරු අනාවරණය වේ !

ජාතික ජන බලවේගයේ නව රජය යටතේ ආරම්භ කර ඇති දූෂණ විරෝධී වැඩසටහනේ විවිධ විමර්ශන ලිපිගොනුවල නම සඳහන්ව ඇතැයි ව්‍යාපාරිකයින් බිය වද්දමින් කප්පම් ගන්නා කල්ලියක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.

නව රජය දැඩි දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බැවින් ලිපිගොනුවල නම සඳහන්ව තිබීමෙන් ඉදිරියේදී බරපතළ ගැටලු ඇතිවිය හැකි බවට ව්‍යාපාරිකයින් බියවද්දා එම ලිපිගොනුවලින් නම ඉවත් කරදීම සඳහා මෙසේ කප්පම් ඉල්ලන බවටයි ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇත්තේ.

මීට රජයේ හෝ රජයට සම්බන්ධ බලධාරීන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර පාතාලය හා සබඳතා ඇති අයවලුන් සහ විවිධ කූඨ ගනුදෙනුවල නියැළෙන පිරිසක් එක්ව මෙම ජාවාරම පවත්වාගෙන යන බව සඳහන්.

එසේම, මුදල් ඉපයීමේ අරමුණ මෙන්ම රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් ද යුතුව ඔවුන් මෙම ජාවාරමේ නිරත වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් මේ වනවිටත් බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...