හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නායක හෂෙම් සෆිඩින් පත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල් හමුදා ප්‍රහාරයක් හෙතුවෙන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්‍රල්ලා මිය යාමෙන් අනතුරුව හිස් වූ ධුරය වෙනුවෙන් අනුප්‍රාප්තිකයෙකු ලෙස හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන හෂෙම් සෆීඩීන් තෝරාගෙන ඇති බව වාර්තා වේ.

සන්නද්ධ කණ්ඩායමේ විධායක කවුන්සිලයේ සභාපති ලෙස පත්කළ හෂෙම් සෆීඩීන් සංවිධානයේ ඉතා ඉහළ මට්ටමේ සාමාජිකයෙකු වන අතර ඔහු දිවංගත නස්‍රල්ලාගේ ඥාති සොහොයුරෙකු ද වේ.

පසුගිය සිකුරාදා (04)වන දින ඊශ්‍රායල ලුතිනන් කර්නල් නදව් ෂෝෂානි යටතේ හිස්බුල්ලාගේ බුද්ධි මූලස්ථානය වන බේරුට්හි ඩහියේ අසල්වැසි ප්‍රදේශයක් ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාර මාලාවකින් අනතුරුව හිස්බුල්ලා නායක හෂෙම් සෆීඩීන් සමඟ පැවති සන්නිවේදන සම්බන්ධතා නැති වී ඇති බව ලෙබනන් ආරක්ෂක මූලාශ්‍රයක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ නමුත් මේ වන විට නව නායක හෂෙම් සෆීඩීන් ජිවත්ව සිටිනවද නැතිද යන්න අවිනිශ්චිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...