මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW :

මාතර දිසා අපරාධ කොට්ඨාසය විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. ඒ, හබරාදූව, බද්දේගම සහ මිදිගම පොලිස් වසම්වලදීය.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 05යි ග්‍රෑම් 600ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 800ක් සොයා ගත් බවයි. හබරාදුව, හරුමල්ගොඩ ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 200ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 800ක් සමග පළමුව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු හබරාදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම සැකකරුගෙන් අනාවරණ වූ තොරතුරු මත කොග්ගල සහ බද්දේගම ප්‍රදේශවලදී තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් සන්තකයේ තිබී ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 250ක් සොයාගෙන තිබෙනවා. එම සැකකරුවන්ගෙන් අනාවරණ වූ තොරතුරු මත මිදිගම ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150ක් සමග තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් බද්දේගම, කොග්ගල හා හබරාදුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...