සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ගැන සබ්‍රිගෙන් ජාත්‍යන්තරයට පොරොන්දුවක්

Date:

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විමර්ශනය කිරීම සඳහා සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. ඊයේ (05) අන්තර්ජාල සංසදයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම යාන්ත්‍රණය ලබන වසරේ මාර්තු මාසයට පෙර ක්‍රියාත්මක වනු ඇති බවටයි සබ්‍රි මහතා විස්වාසය පළ කරන්නේ.

මානව හිමිකම් හා සත්‍ය සෙවීමේ කටයුතුවලට අදාලව මීට පෙර පැවති කොමිෂන් සභාවල සහ කමිටුවල සොයා ගැනීම් සහ ඉදිරි මග පිළිබඳව ඇගයීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය වසරේදී, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කොමිසමක් පත් කළේය. එම කොමිසමේ විමර්ශන මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති අතර අවසන් වාර්තාව මෙම මාසයේදී නිකුත් කිරීමට නියමිතය.

කොමිසමේ පළමු වාර්තාව 2021 වසරේ ජුලි මාසයේදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දී තිබිණි.

මානව හිමිකම් කඩකිරීම්, ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම් සහ වෙනත් එවැනි වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ පූර්ව කොමිෂන් සභා හෝ කමිටුවල සොයාගැනීම් මත පදනම්ව විමර්ශනය කිරීම, වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කොමිසමේ අවසන් වාර්තාව මගින් යෝජනා කරනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා.

එකී වාර්තාව පදනම් කර ගනිමින් සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...