*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ගැන සබ්‍රිගෙන් ජාත්‍යන්තරයට පොරොන්දුවක්

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විමර්ශනය කිරීම සඳහා සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. ඊයේ (05) අන්තර්ජාල සංසදයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම යාන්ත්‍රණය ලබන වසරේ මාර්තු මාසයට පෙර ක්‍රියාත්මක වනු ඇති බවටයි සබ්‍රි මහතා විස්වාසය පළ කරන්නේ.

මානව හිමිකම් හා සත්‍ය සෙවීමේ කටයුතුවලට අදාලව මීට පෙර පැවති කොමිෂන් සභාවල සහ කමිටුවල සොයා ගැනීම් සහ ඉදිරි මග පිළිබඳව ඇගයීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය වසරේදී, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කොමිසමක් පත් කළේය. එම කොමිසමේ විමර්ශන මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති අතර අවසන් වාර්තාව මෙම මාසයේදී නිකුත් කිරීමට නියමිතය.

කොමිසමේ පළමු වාර්තාව 2021 වසරේ ජුලි මාසයේදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දී තිබිණි.

මානව හිමිකම් කඩකිරීම්, ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම් සහ වෙනත් එවැනි වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ පූර්ව කොමිෂන් සභා හෝ කමිටුවල සොයාගැනීම් මත පදනම්ව විමර්ශනය කිරීම, වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කොමිසමේ අවසන් වාර්තාව මගින් යෝජනා කරනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා.

එකී වාර්තාව පදනම් කර ගනිමින් සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan