මහබැංකු අධිපති නන්දලාල් මේ අර්බුදය සමාජ පිපිරීමක් කරා තල්ලු කරනවා – විමල් (VIDEO)

Date:

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා රටේ වත්මන් ආර්ථික අර්බුදය සමාජයට දරාගත නොහැකි සීමාවක් කරා තල්ලු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

“අපි මීට කලින්ම කියලා තියෙනවා අපට ණය ගෙවන්න වෙන්නෙ නෑ, ණය ගෙවන්න බෑ කියන ප්‍රකාශය කිරීම ඒක කළයුතු වගකිවයුතු ආකාරයට සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි කියලා. ඒක ඒ වෙලාවෙ හිටපු ජනාධිපතිවරයාත් මහබැංකු අධිපතිවරයාත් නිකම් පෞද්ගලිකව කතාකරන්න ඇති, නමුත් පූර්ව අනුමැතියක් කැබිනට් මණ්ඩලෙන්වත් නැතුව තමයි ඒක කළේ. සාමාන්‍යයෙන් ඒ විදියේ බැරෑරුම් තීරණයක් ගන්න ඕනෙ කතාකරන්න තියෙන හැම තැනම කතාකරලා. ඉතින් එහෙම නැතුව කඩිමුඩියේ ඒක කළා. ඒ වගේම දැන් බැංකු පද්ධතිය ගැන බිහිසුණු කරුණු කියන්න පටන් අරන් තියෙනවා. ආර්ථිකය හකුළුවනවා කියලා බැංකු පොළී අනුපාතිකය අහස උසට ඉහළ දාලා තියෙනවා. ඒ කියන්නෙ කිසිම කර්මාන්තකරුවෙකුට ව්‍යාපාරිකයකුට බැංකුවෙන් ණයක් අරගෙන තමන්ගෙ ව්‍යාපාරය කරගෙන යන්න බැරි කරවලා තියෙනවා. ඉතින් අපට නම් පේන විදියට මේ ආර්ථිකය හකුළුවනවා කියකියා කරන්නෙ අපේ සමාජයට දරාගන්න පුළුවන් උපරිමයටත් එහාට අරගෙන යන එක. ඒ කියන්නෙ පුපුරුවන තැනට ගෙනියන එක. සමාජ පිපිරීමක් දක්වා තල්ලු කරන එක. ඉතින් මේ මහබැංකු අධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ගන්න කෙනෙක් කියලාත් කියනවා අපට තියෙන තොරතුරු හැටියට. එහෙම නම් ඒකත් ලොකු ප්‍රශ්නයක්. එතකොට බැඳියාවන් අතර ගැටුමක් එනවා. ඒක ද්විත්ව රටවැසිභාවයට එහා ගිය ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා අපට බරපතළ සැකයක් තියෙනවා කලින් හිටපු මහබැංකු අධිපතිලා වගේම මේ අධිපතිවරයාත් මේ අර්බුදය පාවිච්චි කරනවා මේක සමාජයට දරාගන්න බැරි මට්ටමේ ඉමකට අරගෙන ගිහිල්ලා සමාජ නැගිටීමකට, සමාජ පිපිරීමට ඉවහල්වෙන ආකාරයේ වාතාවරණයක් ඇති කරමින් ඉන්නවා. ඒක අර විශ්‍රාම වැටුප ගෙවන අයගේ වුවමනාව අනුව කරන දෙයක්ද නැත්නම් වෙන කාගේහරි වුවමනාව අනුව කරන දෙයක්ද යන්න විමසා බැලිය යුතුයි”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ උත්තර ලංකා සභාගය විසින් පැවැත්වු මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි !

2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර...

“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල්...

අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ඉරානයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් ! (VIDEO)

ඉරානය විසින් ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවරට සහ ටෙල් අවීව් නගරයට...