*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

මන්දාකිණි තරණය කර පැමිණි ආදරය සහ ආදරය වෙනුවෙන් දිවි පිදීම ‘ගල දනවෝ’ කළ අපේ හැතිකරය, හෙවත් ‘එක්ස් ඒලියන්’

සමාජ මාධ්‍යවල විටින් විට විවිධ නැඹුරුතා එනවා යනවා, මෙම නැඹුරුතා ‘ට්‍රෙන්ඩ්ස්’ ලෙස හැඳින්විය හැකියි. එකී නැඹුරුතා විද්‍යාත්මක විය හැකියි, අවිද්‍යාත්මක විය හැකියි, දේශපාලනික විය හැකියි, සමාජීය විය හැකියි, සංස්කෘතික විය හැකියි, පරිකල්පනීය විය හැකියි, කලාත්මක විය හැකියි, විනෝදකාමී විය හැකියි, අන්තවාදී විය හැකියි; එකී කුමන හෝ මුහුණුවරක් අනුමත කිරීමේ, අනුමත නොකිරීමේ හෝ එකී මුහුණතෙන් ස්වාධීන ප්‍රහාරාත්මක හෝ ප්‍රහාරාත්මක නොවන නැඹුරුවක් විය හැකියි.

සමාජ මාධ්‍ය නැඹුරුතා ශ්‍රී ලංකාව තුළ වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ, ෆේස්බුක් ජනප්‍රිය වීම ආරම්භ වූ 2008 සමයෙන් පසුවයි. සුජී දීපන් ෆෝන් එක ළමයකුටවාරියපොළ අක්කාමට මළ පනිනවා චාමරකුකුළා ද බිත්තරේ ද අදාළ නෑ නේඅයියෝ සිරිසේනජෝන් සීනා අපෙ පොඩි එකාට ගහලා, වැනි මුහුණුවරවලින් ආරම්භ වී, වර්තමානයේ ලෙෆ්ට්තේ හදන්න ද තේ නෑ නේ මහත්තයෝබේසිකයෝ, වචන මැදට ‘හල් ම යන්න’ හඳුන්වා දුන් නව සමාජ මාධ්‍ය සිංහල භාෂාව, ඉමෝසනල් ඩැමේජ්කපුටු කාක් කාක් කාක්, පොල් ගෙඩිය කෙලිං කිරීම, ස්පැගති දෙවියෝ, දක්වා මෙහි සඳහන් කළ නොකළ සමාජ මාධ්‍ය නැඹුරුතා රාශියක් අපට දක්නට ලැබුනා. ඉදිරියටත් දක්නට ලැබේවි.

සමාජ මාධ්‍ය නැඹුරුතා නිර්මාණය වීම පිළිබඳ වරදක් කීමට හැකියාවක් නැහැ, නැඹුරුතා නිර්මාණය වන්නේ ඊට ඔබින ප්‍රේක්ෂකාගාරයක් තිබෙන විටක පමණි. නමුත් පුද්ගලයකුගේ අනන්‍යතාවය, පෞද්ගලිකත්වය සහ අභිලාෂයන් අනතුරේ හෙලීමට මෙම නැඹුරුතා භාවිතා වන අවස්ථා තිබෙනවා. එකී නැඹුරුතා ඔස්සේ පුද්ගලයන් ඉලක්කකර ගත් තර්ජනයන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අවස්ථා තිබෙනවා. එය අනුමත කළ හැක්කක් නොවෙයි.

මෙම සටහනේ දැක්වෙන්නේ මීට දශකයකට පමණ ඉහත ශ්‍රී ලංකාවේ පළමු වරට ප්‍රේක්ෂක දසුන් දෙලක්ෂය ඉක්මවූ වීඩියෝපටයක් ලෙස යූටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාණය වී, පසුව මුහුණුපොත ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය ජාලවලට ද ව්‍යාප්තව ගිය එවන් සමාජ මාධ්‍ය නැඹුරුවක් පිළිබඳවයි. පහත දැක්වෙන ගී පද පෙළ ඔබට මතකද?

How I wonder when I see your face with blue eyes there shimmering, woaah

And I wanna be with you my baby you know what I’m saying, ooh..

When I want you, I’ll give you hints by my eyes,

And then I’ll wait for you, come with surfer with no shy..

All I want is you, never turn back, what I might to do, I’m gonna die now ooh

All I want is you, never turn back, what I might to do, I’m gonna die now ooh

Gonna die now ooh, gonna die now ooh, go-go-gonna, die-die-die now wo-oo-oooh, wo-oo-oooh, wo-oo-oooh

Hey

Ex Alien, where is my exaltation, where you made me exasperated, but now you are exceptional

Oh no no no no..

Ex Alien, where is my exaltation, where you made me exasperated, but now you are exceptional

You’re my Ex Alien, your lips are shiny green sun, superstitious, hot job, already so heartbreaking, he-heartbreaking, he-heartbreaking, he-heart breaking..

මෙම ගී පද පෙළ මෙසේ දුටු සැනින් බොහෝදෙනෙකුට එය කුමක්ද යන්න මතක් නොවනු ඇත. මන්ද මෙම ගී පද පෙළ සමාජ මාධ්‍ය නැඹුරුවක් නිර්මාණය කළේ එහි අරුත මත නොව ශ්‍රී ලාංකීය කර්ණශංඛයට එහි ශබ්ද පිහිටීම ගෝචර වූ අන්දම මතය. බොහෝ දෙනෙකු මෙම ගීතය හැඳින්වූයේ ‘ගල දනවෝ’ ගීතය කියා ය.

2013 වර්ෂයේ මෙම ඉංග්‍රීසි ගීතය නිකුත් කරන්නේ එවකට 15 හැවිරිදි මේධානි දේශප්‍රිය නම් දැරිය විසිනි. ඇය එම ගීතය එක්ස් ඒලියන් (Ex Alien) යනුවෙන් නම් කරන අතර, ඈ විසින්ම රචනය කළ පදපෙළකට ඇගේ හඬින්ම පටිගතකළ ගීතයක් යූටියුබ් නාලිකාවක් ඔස්සේ විකාශය කිරීම සිදුකරනු ලබනවා. මෙම ගීතය ක්ෂණිකව යූටියුබ් නැඹුරුතා ලැයිස්තුවට එකතුවන අතර, ශ්‍රී ලංකාවේ පළමු වරට දෙලක්ෂය ඉක්මවූ ප්‍රේක්ෂක දසුන් සංඛ්‍යාවක් හිමි යූටියුබ් වීඩියෝපටය බවට පත්වනවා.

නමුත්, එම වීඩියෝපටයට වැඩිපුර වැටෙන්නේ ‘ඩිස්ලයික්ස්’ මිස ‘ලයික්ස්’ නොවෙයි, සෘණාත්මක කමෙන්ටු මිස ධනාත්මක කමෙන්ටු නෙමෙයි. ඇතැමුන් මෙය එක්සත් ජනපදයේ රෙබෙකා බ්ලැක් විසින් ගායනා කළ ‘ෆ්‍රයිඩේ’ ගීතයට (ෆ්‍රයිඩේ ගීතයේ පසුබිම් කතාව වෙනමම සටහනකින් සාකච්ඡා කළ යුතුයි) සමකරමින් අපහාස කිරීමට උත්සුකවනවා. පිරිසක් මෙම ගීතය ඇසීමෙන් තමාට ‘සමාජ රෝග’ වැළඳුණු බව පවසමින් මීම්ස් නිර්මාණය කර හුවමාරු කරනවා. මෙම ගීතය පිළිබඳව ගුවන් විදුලි සාකච්ඡාවල අදහස් හුවමාරුවන්නට පටන් ගන්නවා. වෙනකක් තබා, ශ්‍රී ලංකාවේ ඇතැම් අතිජනප්‍රිය ගායන ශිල්පීන් පවා මෙම ගීතයට තම අප්‍රසාදය පළකරනවා.

මීට ප්‍රධාන හේතුව වන්නේ, එම දැරියගේ ගායන වදන්වල පැවතියේ යැයි කියන උච්ඡාරණයේ අපැහැදිලිභාවය සහ තාලයයි. එය අසන කෙනෙකුට අප්‍රසන්න බවත්, ගීතයක පවතින සුන්දරත්වය එහි නොමැති බවත් මෙම ගීතයට තම අප්‍රසාදය පළකළවුන් පවසනවා. එහි ඇතැම් ඉංග්‍රීසි වදන් සිංහල වදන් වලට සම කරමින් (‘gonna die now ooh ගල දනවෝ ලෙස සමපාත කරමින්) ඇතැම් අවස්ථාවලදී ඇගේ ස්ත්‍රීත්වය පාදක කරගත් අපහාස පවා මේධානි දැරියට එල්ලවනවා. ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට තර්ජන ඒමට පටන් ගැනෙනවා.

කෙසේවෙතත්, මෙම දැරියගේ නිර්මාණයේ බොහෝ දෙනෙකු නොදුටු නිර්මාණශීලීත්වය (මා ඉහත සඳහන්කළ මෙම ගීතයේ පදපෙළ ප්‍රවේශමෙන් කියවූයේ නම් ඔබට ද මෙය වැටහේවි) සහ දර්ශනය හඳුනා ගන්නා ‘සිත් ටීවී’ සහ ‘ඩේලි මිරර්’ (Daily Mirror) පුවත්පත හා බැඳි ‘ලයිෆ් ඔන්ලයින්’ (Life Online) මාධ්‍ය ආයතන විසින් මේධානි සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වනු ලබනවා. එහිදී මෙම ගීතයේ පසුබිම් කතාව පුංචි මේධානි විසින් අනාවරණය කරනු ලබනවා. එක්ස් ඒලියන් ගීතයෙන් කියවෙන, මන්දාකිණියක් තරණය කර පැමිණි පිටසක්වල ජීවියකු හා පෙමින් බැඳෙන තරුණියකගේ ප්‍රබන්ධාත්මක කතාව ඈ පැහැදිලි කරනවා. ගීතය පුරා පවතින ඇගේ උච්ඡාරණය ‘අධිස්වභාවික උච්ඡාරණයක්’ (supernatural accent) බවත්, එය චේතාන්විත ක්‍රියාවක් බවත් ඈ පවසනවා.

ඇගේ මුල් නිර්මාණය හමුවේ සමාජ මාධ්‍යවලින් ලබා දුන් සෘණාත්මක නැඹුරුව මෙම සම්මුඛ සාකච්ඡාවලට ලැබෙන්නේ නැහැ. කෙසේවෙතත්, මේධානිගේ එක්ස් ඒලියන් ගීතයේ පදපෙළ හඳුනා ගන්නා විදූ (Vy) නම් කලාකරුවකු විසින් මෙම ගීතයට ඔහුට ආවේණික ආවරණයක් (cover version) ලබා දී සමාජ මාධ්‍ය වෙත මුදා හරිනවා. එක්ස් ඒලියන් ගීතයේ විදූ ගේ ආවරණය සමාජ මාධ්‍ය තුළ නැඹුරුවක් නිර්මාණය කරනවා; එය වයිරල් යනවා. එය ඇගයීමට බොහෝ දෙනෙකු උනන්දුවනවා. මුල් නිර්මාණය හමුවේ මේධානි දැරියට අනේකවිධ අපහාස කළවුන්ගේ කටවල් වැසෙනවා. මේධානිගේ සංගීතය බටහිර සංස්කෘතියට නැඹුරුවීම නිසා ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි බස කතාකරන ප්‍රජාව මේධානි සමඟ සිට ගැනීමත් සමඟ ඈට විරුද්ධව එල්ලවූ චෝදනා සියල්ලක්ම පාහේ නතර වනවා.

කවුරුන් කුමන අන්දමින් විග්‍රහ කළද, එක්ස් ඒලියන් සමාජ ප්‍රපංචයක් (social phenomenon) බවට පත්වීම වළක්වන්න බැරිවූවා. එය සමාජයේ පවතින විවිධ තලයන් අතර පවතින මතවාද වල වෙනස්බව, විවිධ සමාජ තල වල ජීවත් වන මිනිසුන් අතර පවතින විවිධත්වය පමණක් නොව ජාතික මට්ටමේ සංගීත ක්ෂේත්‍රයේ අවධානය පවා එක් වේදිකාවකට රැගෙන ඒමට සමත්වූ සමාජ මාධ්‍ය නැඹුරුවක් බවට පත්වූවා. මෙම සටහනේ වස්තු විෂයය වන කලින් කලට සමාජ මාධ්‍යවල මතුවන සමාජ මාධ්‍ය නැඹුරුතා හෙවත් ‘ට්‍රෙන්ඩ්ස්’ අනුමත කිරීම හෝ නොකිරීම ඔබේ වැඩක්. නමුත්, එක්ස් ඒලියන් හරහා අප උගත යුත්තේ, යමක් දුටු සැනින් ඒ පිළිබඳ ක්ෂණික නිගමනවලට එළඹීමේ ඇති අහිතකර ප්‍රතිවිපාකයි. එක්ස් ඒලියන් පිළිබඳ මේධානිගේ විග්‍රහය සමාජය කිසිදිනක නොඇසුවා නම්, එක්ස් ඒලියන් ගීතයේ විදූ ගේ ආවරණය කිසිදිනක නිකුත් නොවූවා නම්, අදටත් ආදරය වෙනුවෙන් දිවි පිදීම ‘ගල දනවෝ’ ම පමණක් වනු ඇත.

ඉසුරු පරාක්‍රම

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan